ආණ්ඩුවේ මර්දනයට එරෙහි වෘත්තීය සමිති බහුජන සංවිධාන එකතුවක් ලෙස පෙරට

ආණ්ඩුවේ මර්දනයට එරෙහි වෘත්තීය සමිති බහුජන සංවිධාන එකතුවක් ලෙස පෙරට

වෘත්තීය සමිති, බහුජන සංවිධාන වල නායකයන් සහ නියෝජිතයන් 100කට ආසන්න පිරිසක් එක්ව ඊයේ ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගම් මූලස්ථානයේ (සී.එම්.යූ) මෙතෙක් බිහිවූ පුළුල්ම බහුජන සංවිධානය ගොඩ නගා ගත්තා. එය "ආණ්ඩුවේ මර්දනයට එරෙහි වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව" නම් කෙරිණි. මෙහිදී මාධ්ය හමුවක් පැවැත්වූ අතර එහිදී ඉදිරි සති කිහිපය තුළ දැවැන්ත ක්රියාමාර්ග රැසකට එළඹෙන බව පැවසීය. පවතින ඒකාධිපති ස්වරූපයක් ගන්නා ආණ්ඩුව විසින් නිරෝධායන නීතිය මර්දනය නීතියක් බවට පත් කරගනිමින් සිසු ,කම්කරු හා දේශපාලනික ක්රියාකාර්ර්න් මිලිටරීකරණයට යොදමින් අත් අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින බව ඔවුන් පැවසීය. මෙහිදී ප්රධාන වශයෙන් පොදු දේපළ සහ මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ චන්න දිසානායක, කම්කරු අරගල මධ්යස්ථානය නියෝජනය කරමින් නිලාන් ප්රනාන්දු, වැඩකරන ජන බලය නියෝජනය කරමින් චින්තක බණ්ඩාර, ජාතික වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරමින් සමන් රත්නප්රිය, ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය වෙනුවෙන් ලාල් කාන්ත සහ වසන්ත සමරසිංහ,ලංකා ගුරු සංගමයේ රසිකා හඳපාන්ගොඩ යන අය මාධ්ය හමුවේ අදහස් දැක්වීය.

පසුගියදා සිසුජන ව්යාපාරය විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල පනත අධ්යාපනය විකුණන සහ මිලිටරීකරණය සඳහා අන්මැතිය ලබෙන පනතක් බව පවස්මින් ඊට එරෙහිව පාර්ලිමේන්තුව අසල සිදු කරන ලද උද්ඝෝෂණයේ දී ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිසක් අත් පොලීසිය අඩංගුවට ගත් හ. උසාවියෙන් ඇප ලැබූ මොවුන්ව පොළීසිය විසින් රටේ නීතිය පවා හෑල්ලුවට ලක් කරමින් බලහත්කාරයෙන් හමුදා කඳවුරු වල සිර කිරීම තරයේ හෙළා දකින බව වෘත්තීය සමිති නායකයන් පැවසීය. එසේම ඉදිරි දින දෙක තුළ ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිස නිදහස් නොකළහොත් ආණ්ඩුවේ මර්දනකාරී ක්රියාමාර්ග වලට එරෙහිව ඉදිරි සති තුළ රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බව ඔවුහු පැවසීය.

ඒ අනුව ජූනි 12, 14, සහ 16 දින වල එම ක්රියාමාර්ග වල මූලික උද්ඝෝෂණයන් පැවැත්වෙන බවත් ඊට අමතරව රට පුරා වැඩබිම් වල කම්කරු ක්රියාකාරකම් සංවිධානය කරන බවත් පුළුල් මහජන විරෝධයක් ගොඩ නගන බවත් පැවසීය.

පසුගිය කාලයේ සිදු පාස්කු ප්රහාරය සහ කිසිදු දූෂණ වංචාවකට අදාල වගකිවයුත්තන් සොයා ගත නොහැකිව සහ ජනතා ගැටළු වලට විසඳුම් දීමට අසමත් වූ බව ඔවුන් පවසයි. එම අසමත්බාවය වසා ගැනීම සඳහා ආණ්ඩුවේ පොළීසිය සහ හමුදාව යොදා මර්දනය කැඳවමින් සිටින අතර ආණ්ඩුවේ පුද්ගලයන් විසින්ම නිරෝධායන නීති කඩමින් රටේ ජනතාව අර්බූදයන්ට යවමින් සිටී.

ආණ්ඩුව විසින් අවි ඔසවන විට සහ මිලිටරි හා ඒකාධිපති පාලනයන් ගෙන එන විට පීඩාවට පත්වන මිනිස්සු එකතු වීම සහ ඊට එරෙහිව අරගල කිරීම කිසිදු ආණ්ඩුවකට වැළැක්විය නොහැකිය. එය ඉතිහාසය විසින්ම ඔප්පු කර ඇති අතර ජනතාවගේ බලය අභිබවා යන කිසිදු බලයක් නොමැති බව ඔවුන් පැවසීය.

සටහන -කල්ප මධුරංග

12

222

333

34