ගුරු-විදුහල්පතිවරුන්ගේ online වර්ජනය 100% ක් සාර්ථක බව නිවේදනය කරයි

ගුරු-විදුහල්පතිවරුන්ගේ online වර්ජනය 100% ක් සාර්ථක බව නිවේදනය කරයි

අද දින ගුරු-විදුහල්පතිවරුන්ගේ online වර්ජනය 100% ක් සාර්ථකයි, ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ක්‍රියාමාර්ග තවත් දැඩි කරන බව ලංකා ගුරු සංගමය, ලංකා ගුරුසේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, විදුහල්පති සේවා සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, කතෝලික ගුරු සංගමය, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරි ගුරු සංවිධානය, ලංකා ගෘහ වි. හා කෘෂි වි. ඩිප්ලෝ: සංගමය, ශ්‍රී ලංකා ඉස්ලාම් ගුරු සංගමය යන සංගම් විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, අනීතිකව රදවා සිටින ගුරු වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිස නිදහස් කිරීමට බලකරමින්, අධ්‍යාපන ගැටලු සහ ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය නොවිසඳීමට එරෙහිව හඬ නඟන ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නායකයින් මර්දනයට එරෙහිව හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කිරමින් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමට එරෙහිව ගුරු-විදුහල්පතිවරු අද දින සිට (2021.07.12) දීප ව්‍යාප්තව ආරම්භ කළ මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය 100% ක් ම සාර්ථක වී ඇත.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ඇතුළු සියලුම ප්‍රධාන පෙළේ පාසල්, උතුරු නැගෙනහිර ඇතුළු සියලුම ප්‍රදේශවල මාර්ගගත ඉගැන්වීම් මේ වන විට මුළුමනින්ම නතර කර ඇත. ආණ්ඩුව තවදුරටත් ඇහුම්කන් නොදී මර්දනකාරීව කටයුතු කරන්නේ නම් තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගැනීමට අපි පසුබට නොවෙමු.