පාසල්වල අනුයුක්ත අභ්‍යාසලාභීන්ටත් කොවිඩ් එන්නත ලබානොදීම සම්බන්ධව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර සිටින්නේ, සියළුම අභ්‍යාසලාභීන්ට කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු කරන ලෙසත් එසේ එන්නත ලබා නොදෙන්නේනම් ජුලි 14 සිට පාසල්වල සේවය සඳහා නොපැමිණෙන බව දන්වා සිටින බවයි.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2020 ජුලි 9 වන දින අප විසින් පාසල්වල අනුයුක්ත අභ්‍යාසලාභීන්ට කොවිඩ් එන්නත ලබාදීම මැයෙන් එවන ලද ලිපිය හා බැඳේ.
මේ පිළිබඳව ඔබතුමාගේ අවාධානට යොමුකොට පාසල්වලට අනුයුක්ත සියලූ අභ්‍යාසලාභීන්ට ද කොවිඞ් එන්නත ලබාදෙන මෙන් ඉල්ලා සිටින අතර කොවිඩ් එන්නත ලබා නොදෙන්නේනම් ජුලි 14 සිට පාසල්වල සේවය සඳහා නොපැමිණෙන බව දන්වා සිටිමු.
