ඉදිරියේදීත් අත්අඩංගුවට ගන්නේනම් අපි ඒකට ලෑස්තියි - මහින්ද ජයසිංහ

ඉදිරියේදීත් අත්අඩංගුවට ගන්නේනම් අපි ඒකට ලෑස්තියි - මහින්ද ජයසිංහ

ආණ්ඩුවේ තීන්දු වලට එරෙහිව සිදු කරනු ලබන විරෝධතාවයන්ට සම්බන්ධ වන පිරිස් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට මුහුණ දීම සඳහා සූදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කරනු ලැබූවේ ඊයේ (11) දින කැඳවා තිබූ ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. කොතලාවල පනතට එරෙහිව විරෝධතාවයට සම්බන්ධවූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිස් අධිකරණයෙන් ඇප ලබා දී තිබියදී දඬුවමක් සේ නිරෝධායනට යොමු කිරීමට විරෝධය පළකරමින් අද (12) දින සිට මාර්ග ගත ක්‍රමයට (online) සිදු කරනු ලබන ඉගැන්වීමේ කටයුතු වලින් ගුරුවරුන් ඉවත් වීමට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව එම මාධ්‍ය හමුවට සහභාගී වූ  ගුරු වෘත්තීය සමිති පවසනවා.