වාත්තීය සමිති නායකයින් රඳවා ගැනීම ගැන ලෝක වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ලිපියක්

වාත්තීය සමිති නායකයින් රඳවා ගැනීම ගැන ලෝක වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ලිපියක්

වෘත්තීය සමිති නායකයින් හා සිවිල් ක්‍රියාකාරින් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සම්බන්ධව ලෝක වෘත්තීය සමිති සම්මේලනය විසින් නිකුත් කරන ලද නිවේදනය ජනාධිපතිවරයා වෙත යොමු කළ බව අන්තර් සමාගම් සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පසුගිය දිනවල අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව සහ පොහොර ගැටළුව මුල්කරගෙන පැවති උද්ඝෝෂණ වලදී නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට අසත්‍ය චෝදනා කරමින් උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගෙන බලහත්කාරී ලෙස නීති විරෝධීව රඳවා තබා ගැනීම පිළිබඳව මේ වනවිට මහත් ආන්දෝලනයක් මතුව ඇත.

මෙය ශ්‍රී ලංකා රජය විසින් මූලික මිනිස් අයිතිවාසිකමක් කඩකිරීමක් බවට අර්ථ නිරූපනය වී ඇති අතර නිරෝධායන නීති වලට මුවා වී මෙලෙස පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන රටක් බවට ශ්‍රී ලංකාව නාමකරණය වීම ලෝකය ඉදිරියේ අප රටත්, එහි පුරවැසියනුත් හෑල්ලූවට ලක්කරවීමකි.

මේ පිළිබඳව මුළුමහත් ලෝකයේම අවධානය යොමු කරමින් ලෝක වෘත්තීය සමිති සම්මේලනය විසින් නිකුත් කරන ලද නිවේදනය මේ සමග අමුනා එවන්නෙමු.

රඳවාගෙන සිටින වෘත්තීය සමිති සහ සෙසු ක්‍රියාකාරින් වහාම නිදහස් කරන ලෙසට ලෝක වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලා සිටී.

එම ලිපිය පහතින් දැක්වේ.

This image has an empty alt attribute; its file name is wftu-680x1024.jpg