"ජනතා නැගිටීම්, නීතිය සහ මර්දනය" සංවාදයට නැගෙන ZOOM සාකච්ඡාවක්

"ජනතා නැගිටීම්, නීතිය සහ මර්දනය" සංවාදයට නැගෙන ZOOM සාකච්ඡාවක්

මේ මොහොතේත් රට පුරා සිසු කම්කරු, ගොවි, ධීවර අරගල මාලාවක් ක්‍රියාත්මකව පවතී. එසේම පසුගිය සති කිහිපය තුළ ඇති වූ අරගල කිහිපයක දී වෘත්තීය සමිති නායකයන්, සිසුන් සහ දේශපාලන ක්‍රියාකාරකයින් බොහෝ දෙනෙක් ආණ්ඩුවේ සෘජු මර්දනකාරී යාන්ත්‍රණයට යටත් කරන ලදී.

විශේෂයෙන් වසංගතයට අදාළව නිරෝධායනය සම්බන්ධව ක්‍රියාත්මක වන නෛතික කාරණා පවා අනීතික ලෙස  මර්දන  යාන්ත්‍රණය සඳහා යොදා ගනිමින් උසාවියෙන් ඇප ලැබූ වෘත්තීය සමිති නායකයින්,  ශිෂ්‍ය ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාකාරීන් බලහත්කාරයෙන් පැහැරගෙන  රැඳවුම් කඳවුරු වල සිර කර තැබීම් දක්වා ගමන්කර ඇත.

මේ පිළිබඳව පුළුල්ව විග්‍රහ කර ගැනීම සඳහා සහ මේ වෙනුවෙන් සාමූහිකව කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රොටෙක්ට්  සංගමය විසින්  අන්තර්ජාලය ඔස්සේ Zoom තාක්ෂණය භාවිතා කරමින් කරනු ලබන සංවාදයක්  2021.07.16 දින සවස 7.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එයට සහභාගි වන මෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

Topic: ජනතා නැගිටීම්, නීතිය සහ මර්දනය
Time: Jul 16, 2021 19:00 Asia/Colombo

Join Zoom Meeting
https://zoom.us/j/99271444807?pwd=OHpsZ3BTckJibjFrU2kraXc1YzFHUT09

Meeting ID: 992 7144 4807
Passcode: 183084