දුම්රිය ගමනාගමනයටත් කොරෝනා හරස් වෙයි

දුම්රිය ගමනාගමනයටත් කොරෝනා හරස් වෙයි
අද දිනයේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරිමට සිදුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා නිවේදනය කර තිබේ.
 
දුම්රිය ධාවනාගාර සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙලෙස දුම් රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරිමට හේතුව වී තිබෙන බවයි හෙතෙම සඳහන් කළේ.තවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බවයි. 
 
පවතින කොරෝනා අවදානම හේතුවෙන් දුම්රිය කාර්යය මණ්ඩලය සේවයට කැඳවන්නේ ද, සමස්ථ කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක් පමණක් බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.
 
දුම්රිය ධාවනාගාරයේ සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග ඊයේ පස්වරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් හදිසියේ අවලංගු කෙරුණා. ධාවනය කෙරුණු ඇතැම් දුම්රිය ද ප්‍රමාද වී ධාවනය වූ බවයි ප්‍රකාශ කෙරුණේ. ආසාදිතයින් වාර්තා වී ඇති ධාවනාගාරයේ සේවය කරන සෙසු සේවකයින් ද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.