කොතලාවල පනතට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්වෙයි

කොතලාවල පනතට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්වෙයි
කොතලාවල පනතට එරෙහිව නිදහස් අධ්යාපනය සඳහා වූ සිසුජන ව්යාපාරය පැවැත්වූ මාධ්ය සාකච්ඡාක්ව ඊයේ (17) දින කොළඹ CMU ශාලාවේ දී පැවැත්විණ.
 
ඒ සඳහ ශිෂ්ය ව්යාපාර, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයින් ද සහභාගි විය.
 
උද්ඝෝෂණ වල නියැලී සිටියදී අනීතිකව නිරෝධායනයට රැගෙන යන ලද හා ඊට එරෙහිව වෘත්තිය සමිති හා බහුජන සංවිධාන මගින් රජයට එල්ල කරන ලද විරෝධය හමුවේ මුදා හරින ලද වෘත්තීය සමිති හා අනෙකුත් සංවිධාන වල නායකයින්ද මෙම මාධ්ය සාකච්ඡාව සඳහා සහභාගී විය.
 
මර්ධනය කිරීමෙන් ජනතා හඬ නිහඬ කිරීමට කිසිදු රජයකට නොහැකි බවට එය කදිම උදාහරණයකි.
 
මෙහිදී රැස්වූ සියලු නියෝජිතයින් ඒකමතිකව කියා සිටියේ කොතලාවල පනත අහෝසි කලයුතු බවත් සංශෝධන යටතේ වුවද එය ස්ථාපිත නොකලයුතු බවත්ය.
 
එසේ අහෝසි නොකලොත් මීට වඩා සංවිධානාත්මකව පුලුල් ශක්තියකින් යුතුව සියලු බලවේග එකතු කර කොතාලාවල පනත අහෝසි කරන තෙක් සිසු ජන අරගලය දිගින් දිගටම දියත් කරන බව පවසන ලදී.

 2

22

4

3

පොදු දේපල හා මානව හිමිකම් සුරකීමේ සංවිධානය