ගැටළු වලට ස්ථීර විසඳුම් ඉල්ලා හෝටල් සේවකයෝත් පෙරට එයි

ගැටළු වලට ස්ථීර විසඳුම් ඉල්ලා හෝටල් සේවකයෝත් පෙරට එයි
සියලුම හෝටල් සේවකයින් එළැඹෙන 26 වෙනිදා සිට දීපව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට සූදානම් වෙන බව හෝටල් සේවක මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝටල් සේවක මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ජයතිලක රණසිංහ මහතා ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භවන උද්ඝෝෂණ මාලාව දීපව්‍යාප්තව දියත්කරන බවත් කොරෝනා වසංගතය හේතුවෙන් අසරණව,පීඩාවට පත්ව සිටින හෝටල් සේවකයින්ගේ ගැටළුවලට ස්ථීර විසඳුමක් ලැබෙන තෙක් අරගලය අත් නොහරින බවත් සඳහන් කළේය.
 
අවස්ථා ගණනාවකදි තම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් කිසිදු විසඳුමක් මේ වන තෙක් නොලැබුණු බව  ප්‍රකාශ කළ ජයතිලක මහතා  සිය සේවකයින්ගේ ගැටළුවලට තාවකාලික විසඳුම් නොව ස්ථිර විසඳුමක් අවශ්‍ය බවත් මෙහිදී පැවසීය.
 
ඒ අනුව උද්ඝෝෂණ මාලාව ජුලි 26දා සවස 3.30ට කොළඹ නගරයෙන් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.