හෙද සේවාවට අදාල මුලික ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ජුලි 01 හා 02 දෙදින ඒකාබද්ධ වර්ජනයක් දියත් කෙරුණු අතර, එහිදි එම ඉල්ලිම්වලට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෙරදි සකස් කර තිබු කැබිනට් පත‍්‍රිකා දෙකක් කැබිනට් මණ්ඩලයට යොමු කර ජුලි 05 දින අනුමත කර එයට අදාලව ඉදිරි කටයුතු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවා ඇති අතර ජුලි 05 දිනට පෙර චක‍්‍රලේඛ නිකුත් නොකරන්නේ නම් නැවත විරෝධතා උද්ඝෝෂණ පවවත්වන බව රජයේ හෙද නිළධාරින්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,
එබැවින් තවත් ඉවසමින්, කල්මැරුවහොත් ප‍්‍රතිඵල නොලැබෙන්නට ඇති ඉඩ වැඩිවෙන බව පැහැදිලිය. අනුමත වු ඉල්ලිම් සඳහා අවසන් විසඳුමක් ලබාගන්නට නම් ප‍්‍රමාද නොවී බලපෑම් කල යුතුමය.
බලධාරින්ට කථා පමණක් කර වැඩක් නැත. ක‍්‍රියාවෙන් බලපෑම් කිරිමට අත්‍යාවශ්‍ය වී ඇත. ඔවුන් ඇස් ඇර බලන්නේ එවිටය. එසේ නම්, කඩිනමින් චක‍්‍රලේඛ නිකුත්කරන්නට බලකරමින් ජුලි 28 විරෝධතා උද්ඝෝෂණය සියලූ රෝහල් ඉදිරිපිටදී නැවත උද්ඝෝෂණ මාළාවක් දියත් කරන බව එම සංගමය වැඩිදුරටත් කරයි.
