හෙද හෙදියන් නැවතත් සටනට

හෙද හෙදියන් නැවතත් සටනට

හෙද සේවාවට අදාල මුලික ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ජුලි 01 හා 02 දෙදින ඒකාබද්ධ වර්ජනයක් දියත් කෙරුණු අතර, එහිදි එම ඉල්ලිම්වලට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෙරදි සකස් කර තිබු කැබිනට් පත‍්‍රිකා දෙකක් කැබිනට් මණ්ඩලයට යොමු කර ජුලි 05 දින අනුමත කර එයට අදාලව ඉදිරි කටයුතු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවා ඇති අතර ජුලි 05 දිනට පෙර චක‍්‍රලේඛ නිකුත් නොකරන්නේ නම් නැවත විරෝධතා උද්ඝෝෂණ පවවත්වන බව රජයේ හෙද නිළධාරින්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,

  • දින 05 සතියට කමිටුවක් පත්කරන බවට පොරොන්දු වුවද ලිපි එහාට මෙහාට යනවා විනා කමිටුව පත් කර නැත.
  • වර්ජනය අවසන් කර දින 21 ක් ගත වී ඇත. චක‍්‍රලේඛයක්, අවසන් විසඳුමක් නැත. ඉතිරි ඉල්ලිම් අයවැයට දාන බව ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනය වුවා පමණි.
  • රු. 7500/- පොදු සටන කරේ පැය 5 බැගින් වාර දෙකකි. දින 1 ක් තුල චක‍්‍රලේඛ නිකුත් කරගෙන දින 4 ක් තුල දීමනාව ලබාගන්නටත් හැකි විය. වෙනස තේරුම් ගැනීමද වැදගත්ය.
  • උසස්වීම්, මාණ්ඩලික තත්වය, දින 05 සතිය ක‍්‍රියාත්මක කර ගන්නට ඉඩනොදෙන බලවේග අතර වෛද්‍ය සංගමය පෙරමුනේ සිටී.
  • ජනපතිට, සෞඛ්‍ය ලේකම්ට, ඇමතිට මේ පිළිබඳව ලිඛිතව ඉල්ලීම් කලද නිශ්චිත පිළිතුරක් ලබාදී නැත.

එබැවින් තවත් ඉවසමින්, කල්මැරුවහොත් ප‍්‍රතිඵල නොලැබෙන්නට ඇති ඉඩ වැඩිවෙන බව පැහැදිලිය. අනුමත වු ඉල්ලිම් සඳහා අවසන් විසඳුමක් ලබාගන්නට නම් ප‍්‍රමාද නොවී බලපෑම් කල යුතුමය.

බලධාරින්ට කථා පමණක් කර වැඩක් නැත. ක‍්‍රියාවෙන් බලපෑම් කිරිමට අත්‍යාවශ්‍ය වී ඇත. ඔවුන් ඇස් ඇර බලන්නේ එවිටය. එසේ නම්, කඩිනමින් චක‍්‍රලේඛ නිකුත්කරන්නට බලකරමින් ජුලි 28 විරෝධතා උද්ඝෝෂණය සියලූ රෝහල් ඉදිරිපිටදී නැවත උද්ඝෝෂණ මාළාවක් දියත් කරන බව එම සංගමය වැඩිදුරටත් කරයි.