කොරෝනා අවධානම ඉහලට - හෙද කාර්ය මණ්ඩලය අර්බුදයක

කොරෝනා අවධානම ඉහලට - හෙද කාර්ය මණ්ඩලය අර්බුදයක

මේවනවිට කොවිඩ් තුන් වන රැල්ල තවදුරටත් වර්ධනය වන තත්වයක් පෙනෙන්නට තිබේ. රට පුරා සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය ඉතා අවම මට්ටමක පැවතීයද ඊට සාපේක්ෂව දෛනිකව හදුනා ගන්නා කොවිඩ් රෝගීන් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි වෙමින් තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන පරිදි, රෝහල් තුලදී මෙම තත්වය හෙද කාර්ය මණ්ඩලයට ඉතා දැඩිව දැනෙමින් තිබේ. කොවිඩ් රෝගීන් වැඩිවත්ම කොළඹ ශ්‍රී ලංකා ජාතකි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් වලට පැමිනෙන විවිධ රෝගීන්ගෙන් කොවිඩ් රෝගීන් වාර්තා වීම අධික වෙමින් තිබේ. දෛනකි ව ඉතාමත්ම සීමිත Antigen පරීක්ෂණ ප්‍රමාණයක් රෝහල්වල සිදුකලද ශ‍්‍රී ලංකා ජාතික රෝහල තුල පසුගිය දිනවල සිදුකල Antigen පරීක්ෂණවලින් වැඩි ප්‍රතිශතයක් කොවිඩ් රෝගීන් බව වාර්තා වී තිබෙන බවත් එම තත්වය තුල 2021. 07. 22 දින නව කොවිඩ් වාට්ටුවක්ද ආරම්භ කිරීමට රෝහල් පරිපාලනයට සිදුවී තිබෙන බවත්ය.