හෝටල් සේවකයින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල

හෝටල් සේවකයින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල

මේ වනවිට අප රටේ හෝටල් සේවකයින් මුහුණපා ඇති දැවැන්ත අර්බූදකාරි තත්වය සඳහා විසඳුමක් ලබාදෙන මෙන් ආණ්ඩුවේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති අතර, දිනෙන් දින හෝටල් සේවක ගැටළු වර්ධනය වීමේ වාතාවරණය හමුවේ සේවකයින් දැඩි නොසන්සුන්තාවයට පත්ව තිබෙන බව හෝටල් සේවක මධ්‍යස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, තමන් මුහුණපා ඇති අර්බූදකාරි තත්වය පිළිබඳව විසඳුම් ලබාදෙන මෙන් ඉල්ලා එම සේවකයින්ට මහපාරට බැසීමට සිදුව ඇත. ඒ අනුව රට පුරා සිටින සංචාරක හෝටල් සේවකයින් තවදුරටත් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වල නිරත වීමට තීරණය කර තිබෙන බවත්, ඒ අනුව අද දිනයේ ජූලි 26 දින කොටුව සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිට සවස 1.00 ට හෝටල් සේවක උද්ඝෝෂණයක් පැවැත්වෙන බවයි.