කොතලාවල පනතට එරෙහිව සරසවි ඇඳුරන් සංකේත වැඩවර්ජනයක

කොතලාවල පනතට එරෙහිව සරසවි ඇඳුරන් සංකේත වැඩවර්ජනයක
කොතලාවල ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස් කර ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (28) දිනයේ සංකේත වැඩ වර්ජනයකට අවතීරණය වීමට නියමිතයි.
 
යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින්  මේ දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කළ මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඉවත්ව ආචාර්යවරු මෙලෙස විරෝධතාවයේ නිරතවෙන අතර දහවල් පැයක පමණ කාලයක් ඒ ඒ විශ්ව විද්‍යාල ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක නිරතවෙන බවයි වාර්තා වෙන්නේ.
 

රටේ අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට ගෙන එන ලද කොතලාවල පනත අකුලා ගන්නා ලෙස බලකරමින් මෙම පාසල් ගුරුවරුන් විසින් ගෙන යන අරගලයට තම සහයෝගය දැක්වීමක් ලෙස මෙම ක්‍රියාමාර්ගලය ගත් බවත් පනත් කෙටුම්පත ඉවත් කර නොගන්නේ නම් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා වැඩිදුරත් පැවසීය.