පිරිවෙන් ගුරුවරුනුත් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ ස්ථාවරයක

පිරිවෙන් ගුරුවරුනුත් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ ස්ථාවරයක

ගුරු - විදුහල්පති, පිරිවෙන් ගුරු වෘත්තීය සමිති, වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන මෙම අවස්ථාවේ ඊඩී/09/12/06/01/02/2021 අංකයෙන් යුත් 2021.08.01 දිනැති ලිපිය අනුව පිරිවෙන් ගුරුවරුන් සේවයට පැමිණීමෙන් වැළකී සිටින බව ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ගුරු, විදුහල්පති, පිරිවෙන්ගුරු සියලූ වෘත්තීය සංගම් ඒකාබද්ධව වැටුප් විෂමතා ඉවත්කර ගැනීම ප්‍රධාන කරගත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන ඇතිබව ඔබතුමා දන්නා කරුණකි.

ඉහත ක්‍රියාමාර්ගයට සමගාමීව 2021.7.12 සිට මාර්ගගත අධ්‍යාපන ක්‍රියවාලියෙන් පිරිවෙන් ගුරුවරුන් ඉවත්වන බව 2021.07.11 දින අධ්‍යාපන රාජ්‍ය ලේකම් එස්. එස්. හරිස්චන්‍ද්‍ර මහතා වෙත දන්වා ඇත. එම වෘත්තීය ක්‍රියාමාර්ගය මේ දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන්නකි.

එය එසේ තිබියදී ඔබතුමාගේ ඉහත අංක හා දින දරන ලිපිය ප්‍රකාරව පිරිවෙන් අංශයේ අධ්‍යක්‍ෂ හිමිපාණන් හා සෙසු නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්‍ෂ වරුන් හෙට දින පිරිවෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලෙස දැනුම් දීම් කරමින් සිටියි.

අප ඇතුළු වෘත්තීය සංගම්වල ඉල්ලීම් වලට මේ දක්වා යහපත් ප්‍රතිචාර නොදක්වා ඇති තත්වයක් තුළ අද දින ඔබතුමන් නිකුත්කර ඇති ලිපියට ප්‍රතිචාර ලෙස හෙට දින සිට සේවයට වාර්තා කිරීමට කිසිදු පරිවේණාචාර්ය වරයෙක් සූදානම් නොමැති බව මෙයින් දන්වා සිටිමු.

වෘත්තීය ක්‍රියාමාර්ගවලට ඔබතුමා ඇතුළු ආණ්ඩුව දක්වන සාධනීය ප්‍රතිචාර මත පමණක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නතර කිරීම සිදුකරන බවද වැඩිදුරටත් දන්වා සිටිමු. ඒ අනුව හෙට දින පිරිවේණාචාර්ය වරුන් සේවයට වාර්තා නොකරන බව මෙයින් දන්වා සිටිමු.