රැකියා විරහිතව සිටින උපාධිධාරීන්ට විශේෂ පණිවිඩයක් -හැකි ඉක්මනින් තොරතුරු දෙන්න

රැකියා විරහිතව සිටින උපාධිධාරීන්ට විශේෂ පණිවිඩයක් -හැකි ඉක්මනින් තොරතුරු දෙන්න

රැකියා විරහිතව සිටින උපාධිධාරීන් රැකියාගත කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා අයඳුම්පත්‍ර යොමුකරන ලෙස සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට නිවේදනයක් නිකුත්කර තිබේ.

උපාධිධාරීන්ගේ රැකියා ගැටළුව විසඳා ගැනීම සඳහා 2020.07.19 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ අතිරේක ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී සවිස්තරාත්මකව වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දීමට ගත් තීරණයට අනුව මෙලෙස විස්තර ලබා ගැනීම සිදුකරන බවයි වාර්තා වෙන්නේ.

මීට අදාළ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වෙන අතර එහිදී සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ අදාළ අයඳුම්පත්‍රය පුරවා අගෝස්තු මස 12ට පෙර යොමුකිරීමට වගබලා ගැනීමයි.

ඔබත් රැකියා විරහිතව සිටින රැකියාවක් අපේක්ෂාවෙන් සිටින උපාධිධාරියෙකු නම් හැකි ඉක්මනින් මෙම තොරතුරු යොමුකරන්න.

111