රැකියා විරහිත උපාධිධාරීන් / ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම 2020 වැඩ සටහන යටතේ අභ්‍යාසලාභී පුහුණුවට අනුයුක්ත කර ඇති පළාත් රාජ්‍ය සේවාවන්ට අදාළ අභ්‍යාසලාභී උපාධිධාරීන් 2021 සැප්තැම්බර් 03 දිනට ස්ථීර කිරීමට පියවර ගැනීම ඇතුළු ඊට අදාළ ඉල්ලීම් කීපයක් පිළිබඳව සියලූම පලාත් බලධාරින් හමුවීමට සංවර්ධන නිලධාරී සේවා සංගමය තිරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2020 රැකියා විරහිත උපාධිධාරීන් / ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ වැඩ සටහන යටතේ 2020.02.07 දින අයඳුම්පත් කැඳවා 2020 මාර්තු 02 සිට අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවා ගන්නා ලදි.
2020 මාර්තු 02 වනවිට පැවති පාර්ලිමේන්තුව විසුරුවා තිබූ එහෙයින් අදාළ පුහුණුව ඡන්ද විමසීම දක්වා තාවකාලිකව අත්හිටුවීමකට එවකට මැතිවරණ කොමිෂම කටයුතු කරන ලදි.
2020 මාර්තු 02 සිට ලබා දී තිබූ අභ්‍යාසලාභී පත්වීම් සියල්ල 2020 අගෝස්තු 16 දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් අවලංගු කර යළි තෝරාගැනීමත් සිදු වූ අතර කප්පාදුවක් ද සිදුකරන ලදි. ඊට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් මත කප්පාදුවට ලක්ව සිටි උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පත්වීම් ලබා ගැනීමට හැකිවිය.
ආණ්ඩුව මෙම බඳවා ගැනීමේ දී පළමු බඳවා ගැනීම ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිදු කිරීමත් යළි එම ක්‍රියාවලිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් සිදු කිරීමත් නිසා ආණ්ඩුවේ පරිපාලන විෂමතා හේතුවෙන් උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට අසාධාරණයක් සිදුවිය.
බඳවා ගැනීමේ දී සිදු වූ අසාධාරණය හා ප්‍රමාදය ස්ථීර කිරීමේ දී සිදු නොවිය යුතු බව අප සංගමයේ ප්‍රධාන ඉල්ලීමක් වේ.
යන ඉහත ඉල්ලීම් පිළිබඳ පළාත් බලධාරීන් හමුවීමට තීරණය කර ඇත. ඒ අනුව සියලූම පළාත් සභාවල ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්වරුන් හමුවීමට නියමිතව ඇත.
