අල්ලාගත් ගුරුන්ට කොරෝනා නෑ - අද අධිකරණයට

අල්ලාගත් ගුරුන්ට කොරෝනා නෑ - අද අධිකරණයට

ගුරු, විදුහල්පති උද්ඝෝෂණය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් ආසාදිතයන් නොවන බවට හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

මොවුන් පිරිස ඊයේ (04) පස්වරුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කර තිබිණි.

මෙම විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනා අතර ගුරුවරුන් 22 ක්, ගුරුවරියන් 16 ක් හා පිටස්තර පුද්ගලයින් 6 ක් සිටින බව ද අජිත් රෝහණ මහතා කීය.

ඔවුන් සියලු දෙනාම අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ශ්‍රී ලංකා මිරර්)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image