ගුරු වැටුප් අවුල ලිහන්න කමිටුවක්

ගුරු වැටුප් අවුල ලිහන්න කමිටුවක්
ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කර තිබේ. 
 
එම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් පත්කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
 

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අහෝසි කරන ලෙස ඉල්ලා අදත් ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු වෘත්තීය සමිති ගණනාවක් දිවයිනේ ප්‍රදේශ ගණනාවක විරෝධතා පවත්වනු ලැබිණි.