නවක උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පුහුණුව සදහා අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීමක්

නවක උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පුහුණුව සදහා අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීමක්

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද  හිමි ඇතුළු පිරිසක්  අද  (09)  උදෑසන කොල්ලුපිටිය පිහිටි අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය වෙත පැමිණියා.

ඒ 2020 වර්ෂයේ සිට උපාධිය ලද පිරිස ද අභ්‍යාසලාභී පුහුණුව සදහා ඇතුලත් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය වරයා දැණුවත් සිදුකරීම සදහාය.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ දී උපාධිධාරීන් 60000 ක් බදවා ගැනීමට මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කෙසේ වෙතත් කැබිනට් ඇනුමැතිය ලැබී ඇති එම ගණන සම්පූර්ණ වීමට නම් තවත් 7411 ක පමණ පිරිසක් බදවා ගතව යුතු බව එම සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඥාණානන්ද  හිමියන් පවසා සිටියේ එම බදවා ගැනීම් සදහා නවක උපාධිධාරීන් ලෙස සිටින 5460 ක පමණ පිරිස සදහා ද අවස්ථාවක් ලබා දීමට කටයුතු සලසා දෙන ලෙසයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද  හිමි,

 

උපුටා ගැනීම -ශ්‍රී පුවත්