කොරෝනා නිසා තැපෑලේ වැඩ සීමා වෙයි

කොරෝනා නිසා තැපෑලේ වැඩ සීමා වෙයි
කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබෙන බව නියෝජ්‍ය තැපැල්පති නිලන්ත කඳනාරච්චි මහතා ප්‍රකාශකර තිබේ.
 
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බදාදා සහ සිකුරාදා යන දිනවල තැපැල් හා උප තැපැල් කාර්යාල වසා තැබීමට පියවර ගන්නා බවයි.
 
එහිදී කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමත්,ගැබිණි සහ කුඩා දරුවන් සිටින මව්වරුන් කැඳවීමට නොහැකිවීමත් ආදී කරුණු හේතුවෙන් මෙම පියවර ගත් බවත් එතුමා සඳහන් කළේය.