ගෘහස්ථ කම්කරුවන්ට කම්කරු අයිතිවාසිකම් අවශ්‍ය ඇයි? Zoom සංවාදයට එක්වන්න

ගෘහස්ථ කම්කරුවන්ට කම්කරු අයිතිවාසිකම් අවශ්‍ය ඇයි? Zoom සංවාදයට එක්වන්න
ගෘහස්ථ කම්කරුවන්ට කම්කරු අයිතිවාසිකම් අවශ්‍ය ඇයි? යන අතිශය කාලෝචිත මාතෘකාව සංවාදයට ගැනෙන ZOOM සාකච්ඡාවක් ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය විසින් අගෝස්තු මස 10 වෙනි දින එනම් හෙට දිනයේ පස්වරු 6.00ට පමණ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
 
මෙම සංවාදය සඳහා සම්පත් දායකයින් ලෙස නීතිඥ විජේරත්න කොඩිප්පිලි, නීතිඥ ශ්‍යාමලී රණරාජා, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් යන මහත්ම මහත්මීන් සම්බන්ධ වේ. එසේම මූලික අදහස් දැක්වීම් කොළඹ, හැටන්, ලක්ෂපාන ගෘහස්ථ කම්කරු සාමාජිකයන් නියෝජනය කරමින් තනූජා දිල්රුක්ෂි, ක්‍රිෂ්ටි ඩයනා සහ තෝමස් එස්තර් යන සහෝදරියන් විසින් සිදු කිරීමට බලාපොරොත්තු වේ.  
 
ඔබත් මේ ZOOM සාකච්ඡාවට සහභාගි වෙන්න.
 

ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි..

 

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

ගෘහස්ථ කම්කරුවන් සංවිධානය  කරන වෘත්තීය  සමිතියක් ලෙස අප ගෘහස්ථ කම්කරුවන්ද කම්කරු අයිතිවාසිකම් සහිත පිරිසක් බවට පත් කිරීම සඳහා වන ක්‍රියාමාර්ග රැසක නිරත වී සිටිමු. වසර 3ක පමණ කෙටි කාලයක් තුළ රජය සහ වගකිවයුතු පාර්ශවයන්ගෙන් සිදු කළ ඉල්ලීම් සහ සාමාජිකයන් විසින් සිදු කරන ලද විවිධ ක්‍රියාමාර්ගයන්ගේද ප්‍රථිඵලයක් ලෙස එම ඉල්ලිම් දිනාගැනීමේ ආසන්නයට ළඟා වී ඇත. එනම් පසුගිය 2021.08.04 දින කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගෘහස්ථ කම්කරුවන් වෙනුවෙන් නීති සකස් කළ යුතු බවත් ඔහු ඊට මැදිහත් වන බවත් කියා සිටියේය. නමුත් අප විසින් එම අයිතිවාසිකම් දිනා ගන්නා තෙක් අඛණ්ඩව සිදු කරන සංවිධාන කටයුතු සහ ක්‍රියාමාර්ගයන් සිදු කිරීමට අපේක්ෂා කරමු.

එම ක්‍රියාමාර්ග වල එක් අංගයක් වන දැනුවත් කිරීම් සඳහා වන  සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට සංවිධානය කර සිටිමු.

මාතෘකාව:    ගෘහස්ථ කම්කරුවන්ට කම්කරු අයිතිවාසිකම් අවශ්‍ය ඇයි?

දිනය : 2021.08.10

වෙලාව: සවස - 6.00

ගෘහස්ථ කම්කරුවන්ට අදාළව නෛතික විධි විධාන ගොඩනගා ගත යුත්තේ ඇයි?, දැනට කම්කරු නීතිවල ගෘහස්ත කම්කරුවන් සඳහා ලැබෙන ආවරණයන් කෙසේද? සහ ඒ සඳහා වන ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

PROTECT UNION is inviting you to a scheduled Zoom meeting.

Topic: ගෘහස්ථ කම්කරුවන්ට කම්කරු අයිතිවාසිකම් අවශ්‍ය ඇයි?
Time: Aug 10, 2021 06:00 PM Mumbai, Kolkata, New Delhi

Join Zoom Meeting
https://tuteguide.zoom.us/j/83102373103?pwd=M1Z1V2t5d29XWW1rV29aTVc3VldTdz09

Meeting ID: 831 0237 3103
Passcode: 588814

ස්තුතියි,

කල්ප මධුරංග
ප්‍රධාන ලේකම්
ප්‍රොටෙක්ට් සංගමය
070 4307003