සමස්ථ දුම්රිය සේවාව මේ වන විට දැඩි අනතුරක

සමස්ථ දුම්රිය සේවාව මේ වන විට දැඩි අනතුරක

මේ වන විට දුම්රිය පාලක කාර්යාලයේ සේවයේ නියතු දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයන් ඇතුලුව 12 දෙනෙකු පමණ මේ වන විට කොවියිඩ්-19 ආසාදනය වී තිබීම මෙන්ම අනෙකුත් ආශ්රිත දුම්රිය ස්ථානාධිපතිවරුන් නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් මේ වන විට සේවය පවත්වාගෙන යාම අපහාසූතාවයට ලක්ව ඇත.

එමෙන්ම මේ වන විට කලුතර ,ඉඳුරුව ,කොලොන්නාව , යන දුම්රිය ස්ථානවල සේවකයන් කොවියිඩ්-19 ආසාදිතයින් වීම හේතුවෙන් මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇත. කොවියිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දුම්රිය සේවකයන්ට ලබා දීමට තිබු සෞඛ්යාරක්ෂිත ද්රව්ය ලබා දීම හිතාමතාම ප්රමාද කිරීමට බලධාරීන් කටයුතු කල අතර , සේවකයන් වෙත ගුණාත්මක භාවයෙන් යුතු සෞඛ්යාරක්ෂිත ද්රව්ය ලබා දීමට අපොහොසත් වූ දුම්රිය බලධාරීන් ඔවුන් සේවය කරන විට සෞඛ්යාරක්ෂිත සියලුම සම්පත් යොදා ගනිමින් කටයුතු කරමින් සිටී.

මෙවැනි තත්ත්වයක් මත දිනෙන් දින දුම්රිය සේවකයන් ආසාදිතයින් වීම ඉදිරියේ පොදු ප්රවාහන සේවා සැපයීම ගැටලුකාරි සංධිස්ථානයකට මේ වන විට පත්ව ඇත .