කොරෝනා හැඳුනුම්පත් කාර්යාලයත් ආක්‍රමණය කරයි - දැනුම්දෙන තෙක් සියලුම කාර්යාල වැසෙයි

කොරෝනා හැඳුනුම්පත් කාර්යාලයත් ආක්‍රමණය කරයි - දැනුම්දෙන තෙක් සියලුම කාර්යාල වැසෙයි
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය සහ සියලුම පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසුවේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.
 
කෙසේ වෙතත් කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම කාර්යාල වසා දැමුන ද හැදුනුම්පත් ලබාගැනීමට දිනයන් සහ වේලාවන් වෙන්කළ සියලුම අයදුම්කරුවන්ට එදින හෝ ඊට පෙර හැදුනුම්පත් පෞද්ගලික ලිපිනයට යොමු කරන බවයි ඒ මහතා සඳහන් කළේ.
 
කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම කාර්යාල වසා දැමුන ද හැදුනුම්පත් ලබාගැනීමට දිනයන් සහ වේලාවන් වෙන්කළ සියලුම අයදුම්කරුවන්ට එදින හෝ ඊට පෙර හැදුනුම්පත් පෞද්ගලික ලිපිනයට යොමුකිරීමට කටයුතු කර ඇති බවත් හෙතෙම වැඩිදුටත් පැවසීය.