සෞඛ්‍ය නීතිරීති දැඩි වෙයි -උපදෙස් කඩකළොත් අත් අඩංගුවේ

සෞඛ්‍ය නීතිරීති දැඩි වෙයි -උපදෙස් කඩකළොත් අත් අඩංගුවේ
මෙරට තුළ කොවිඩ් ව්‍යාප්තිය අවදානම් ලෙස පැතිරීම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය නීති රීති දැඩි කිරීමට රජය කටයුතු කර තිබේ.
 
ඒ අනුව මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සඳහා අද  සිට මෙහෙයුම් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කර ඇත්තේ.
 
මුහුණු ආවරණ නිසි ලෙස නොපැලඳ පොදු ස්ථානවල සහ මාර්ගයේ ගමන් කිරීම සපුරා තහනම් බවත් එවන් පිරිස් අත්අඩංගුවට ගෙන නිරෝධායන, අපරාධ නීතිය යටතේ කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
 

ඔබ අත්‍යාවශ්‍ය කටයුත්තකට නිවසින් බැහැර වීමේදී අනිවාර්යෙන් මුහුණු ආවරණ පළඳින්න.සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න.මේ ගෙවී යන්නේ කොවිඩ් ව්‍යාප්තියේ අවදානම්ව කාල සීමාව බැවින් අත් අඩංගුවට ගැනීමට වඩා තමන්ගේ ජීවිතයේ වටිනාකම,තමන්ගේ පවුලේ අයගේ ආරක්ෂාව සිහියේ තබා ගනිමින් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපඳින්න.