ලෝකයේ කොවිඩ් ඉහළම දෛනික මරණ අනුපාතය ලංකාවෙන් වාර්තා වෙයි ?

ලෝකයේ කොවිඩ් ඉහළම දෛනික මරණ අනුපාතය ලංකාවෙන් වාර්තා වෙයි ?

පසුගිය (13) දින සිදුවූ කොවිඩ් -19 ආසාදිත මරණ 160ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) දින තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

මෙය ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 124 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු ද සිටින බව එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම මරණ 160ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,935ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දෛනික ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට සාපේක්ෂව දෛනික ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව පවතින්නේ සියයට 1.4 ක් වැනි අඩු අගයක නමුත් ශ්‍රී ලංකාවේ එම අගය මෙලෙස සියයට 5ක් වැනි ඉහළ අගයක බවයි විශේෂඥයින් පවසන්නේ.

පසුගිය (13) දින වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 160ත් සමග ලංකාවේ තත්ත්වය ගැන අප කළ විමසීමකදී සෞඛ්‍ය අංශ ප්‍රධානියෙකු පැවසුවේ ‘‘මෙමගින් තහවුරු වන්නේ ලංකාවේ වසංගතය කොතරම් බිහිසුණු තත්ත්වයට පත්ව තිබේද යන්නයි. ලංකාව මිලියන 20ක් වැනි සාපේක්ෂව කුඩා ජනගහනයක් සිටින රටක් නිසා දෛනිකව සිදුවන මරණ 160ක් විශාල අගයක් ලෙස පෙනී නොයා හැකියි. ඒත් මේ සංඛ්‍යාව ඉන්දියාව සමග සසදා බලන විට මරණ 9600ක් වැනි අති විශාල අගයක්. මෙවැනි දෛනික මරණ අනුපාතකයක් මේ දක්වා ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැහැ. මෙවැනි බිහිසුණු තත්ත්වයක් පෙනි පෙනී රට වසා දැමීම වැනි දැඩි පියවරක රජය නොයන්නේ කුමක් නිසාද යන්න අපට බරපතළ ගැටලුවක්. ජනපතිවරයා සහ යුධ හමුදාපතිවරයා මේ යන්නේ බ්‍රසීල ජනපතිවරයා ගිය පාරේ නම් ලංකාව විශාල ඛේදවාචකයකට මුහුණ දෙන බව ඉතාම පැහැදිලියි‘