2022 වසරේදී රාජ්‍ය සේවකයින්ට හිමි අතිරේක දීමනා ගැන අලුත් චක්‍රලේඛයක්

2022 වසරේදී රාජ්‍ය සේවකයින්ට හිමි අතිරේක දීමනා ගැන  අලුත් චක්‍රලේඛයක්

දැනට අනුමත කර ඇති අතිකාල දීමනා හැර 2022 අයවැය ලේඛනය සඳහා අලුතින් අතිකාල හෝ වෙනත් කිසිදු දීමනාවක් ඇස්තමේන්තු ගත නොකරන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරැන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් උපදෙස් දී තිබේ.

වැටුප් වේතන සහ අතිකාල දීමනා සියල්ල ලබන වසර සඳහා වෙන වෙනම දැක්විය යුතු අතර, 2021 ජූලි මස 01 දිනට සඳහන් සේවක සංඛ්‍යාව මත පදනම්ව වැය ඇස්තමේන්තු සකස් කළ යුතු බවද එහි දැක්වේ.

එසේම කිසිදු ලෙසකින් රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කළ නොහැකි බවද එම ලිපියෙන් රාජ්‍ය සේවයේ ප්‍රධාන ගිණුම් නිලධාරීන්ට හෙවත් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වා තිබේ.