මුඛ ආවරණ පිළිබඳ අලුත් කතා

මුඛ ආවරණ පිළිබඳ අලුත් කතා

මුඛ ආවරණ නිසියාකාරව නොපැලඳ සිටින පුද්ගලයින්ව ඊයේ (16) දින සිට අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ එලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ව අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා (15) දින මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ කට වැසුවොත් රට වැසීමට සිදු නොවන බවයි.

පවතින තත්වය යටතේ රට වහනවාද කට වහනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ හම්දානි මහතා ‘‘සමාජයේ බොහෝ පිරිසක් මුව ආවරණ නිසි ආකාරයට පළඳින බවක් පෙනෙන්නට නෑ. වයිරසය වේගයෙන් පැතිරීමට එයද ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මුව ආවරණ දාන්නම් වාලේ දමා වැඩක් නැහැ. එයින් සිදුවන්නේ කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වීම පමණයි. ඒ නිසා මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් නීතී තවත් දැඩි කළ යුතුයි‘‘

සුපිරි වෙළෙඳ සල් සහ සාප්පු සංකීර්ණ සම්බන්ධයෙන්ද අලුත් නීති ළඟදීම හඳුන්වාදීමට නියමිත බවකී වෛද්‍ය අන්වර් හම්දානි මහතා හැකිතාක් සංචරණ නවත්වා නිවෙස්වලටවී කාලය ගත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.