රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට සති දෙකක් නිවාඩු දෙන්න

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට සති දෙකක් නිවාඩු දෙන්න

රට තුළ මේවනවිට අවදානම් තත්ත්වයෙන් ව්‍යාප්තවන කොවිඩ් වසගතය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයින් රාජකාරි සඳහා කැඳවීම සති දෙකකට සම්පූර්ණයෙන් කල්දමන ලෙසත් එහිදී සති දෙකකට සම්පූර්ණ නිවාඩු ලබාදෙන ලෙසත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් දම්මික මුණසිංහ මහතා සඳහන් කළේ පවතින වසංගත තත්ත්වය පිළිබඳ අමුතුවෙන් පැහැදිලි කිරීම් අවශ්‍ය නොවෙන බවත් ජනාධිපති ලේකම් හා රාජ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් චක්‍රලේඛ ගසා රාජ්‍ය සේවකයින් වැඩට කැඳවීම නිසා බොහෝ පිරිසක් වසංගතයට ගොදුරු වී තිබෙන බවයි.

කෙසේ වෙතත් රජයේ සේවකයින් පමණක් නොව පෞද්ගලික අංශයේ සේවකයින් ද කොවිඩ් ආසාදනය වීමේ අවදානමට ලක්ව ඇති බැවින් කොවිඩ් වසංගතයට ගොදුරුවීමේන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් නොපමාව ක්‍රියාත්මක කරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.