කොවිඩ්-19 මර්ධනය සදහා ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා වන සයිනෝපාම්, ෆයිසර් බයෝඑන්ටෙක් සහ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් යන එන්නත් වල ඵලදායීතාවය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඊයේ (26) කරුණු රැසක් අනාවරණය කළාය.
තමා මෙම තොරතුරු අනාවරණය කරන්නේ එම එන්නත් තුන සම්බන්ධයෙන් බහරේන් රාජ්‍යයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක් පදනම් කරගෙන බව ද ඇය පැවසුවාය.
සයිනොෆාම් එන්නත ලබාගෙන ආසාදිතයින් බවට පත්වන 350 දෙනෙකු අතරින් මියයෑමේ ප්‍රවණතාව එක් පුද්ගලයෙකු ලෙස අනාවරණ වී ඇති බවද එම වාර්තාවේ සදහන් වේ.
ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ගත් ලක්ෂයක පමණ පිරිසකගෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත් වන්නේ 136 දෙනෙකු පමණක් බවත් එහිදී එම 136 දෙනාගෙන් එක් පුද්ගලයෙකු මියයාමේ සම්භාවිතාව සියයට 0.02 ක් බවත් බහරේන් පරීක්ෂණය මඟින් තොරතුරු හෙළිවී ඇතැයි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
