ඇඳිරි නීතිය දීර්ඝ කිරීම ගැන තීරණයක් ?

ඇඳිරි නීතිය දීර්ඝ කිරීම ගැන තීරණයක් ?
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන  මහතා සඳහන් කළේ,කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වීමට නියමිත අතර, එහි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර තීරණයකට එළැඹෙන බවයි.
 
දැනට වාර්තා වී ඇති ආසාදිතයින් සහ කොරෝනා මරණ පිළිබඳ අවධානය යොමුකර, නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද් ද යන තීරණයට එළඹෙන බවත් ඒ මහතා පැවසීය.