සංචාරකයින් ගෙන්වන්නේ නම් හෝටල් සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න

සංචාරකයින් ගෙන්වන්නේ නම් හෝටල් සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න

වර්තමාන කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ සංචාරක ජෛව බුබුළු සංකල්පය ක්‍රියාත්මක කරන්නේ නම්, හොටල් සේවකයාගේ ආරක්‍ෂාව උපරිම ලෙස තහවුරු කිරිමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා හෝටල් සේවකයාට මුහුණපෑමට සිදුවන සෞඛ්‍යමය ගැටළු නිරාකරණය කරදෙන ඉල්ලා සිටිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් හෝටල් සේවක මධ්‍යස්ථානය ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ලෝක වසංගත තත්වයක් වූ කොවිඩ් වසංගතය අද වන විට අප රට තුල ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර එහිදී දෛනිකව රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහල යමින් පවතී. මෙම තතව්ය හමුවේ වෘත්තීය සමිති, පක්‍ෂ විපක්‍ෂ, මහා සංඝයා වහන්සේලා සෞඛ්‍ය අංශවල බලවත් ඉල්ලීම් පරිදි අද වන විට රට වැසීමට සිදුව ඇත. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ විද්‍යාත්මක රට වැසීමකි.

කෙසේ වෙතත්, සංචාරක ක්‍ෂෙත්‍රයේ උන්නතයි උදෙසා ජෛව බුබුළු සංකල්පය මත නැවතත් ඉන්දියන් හා රුසියානු ප්‍රමුඛ සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට මෙම මොහොතේ ආණ්ඩුව තීරණය කර ඇත.

මීට පෙර ද ජෛව බුබුළු සංකල්ප මත සංචාරකයින් ගෙන්වා අතහ් දා බැලීමක් ලෙස කළ බවත්, එහි අහිතකර ප්‍රතිඵල කවරේද යන්නත් අපි අමතක නොකරමු. එවැනි අත්හදාබැලීම් යළි නොකරන ලෙස ද හෝටල් සේවක මධ්‍යසථානය ලෙස අප ඉල්ලා සිටින්නෙමු.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව වත් අනුගමනය කරමින් හෝටල් ක්‍රියාත්මක නොවූ බව ද එය මෙරට ජනතාවගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් වූ බවද වැඩිදුරටත් දන්වා සිටින්නෙමු.

කොළඹ තරුපහේ හෝටලයක ක්‍රියාත්මක වූ ජෛව බුබුළු සංකල්පය තුල සේවා සැපයූ සේවකයන් 40 ක් පමන කොවිඩ්-19 වසංගතයට ගොදුරු වී තිබෙන අතර ඒ අනුව ජෛව බුබුළු ක්‍රමවේදය තුල විශාල අඩුපාඩු ඇති බවට එය සාක්‍ෂියකි.

එම නිසා අප හෝටල් සේවක මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ සංචාරක ජෛව බුබුළු සංකල්පය ක්‍රියාත්මක කරන්නේ නම්, හොටල් සේවකයාගේ ආරක්‍ෂාව උපරිම ලෙස තහවුරු කිරිමට කටයුතු කළ යුතු බවයි. මිට පෙර එලෙස පැමිනි සංචාරකයන් ද කිසිදු වගකීමකින් නොහැසිරුනු බව ද පෙන්වා දිය යුතුය.

පවතින තත්වය තුල සංචාරකයන් ගෙන්වන්නේ නම්, පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කරන ලෙස

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබගෙන් ඉල්ලා සටින්නෙමු.

  1. සංචාරක මණ්ඩලය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ තරයේ ක්‍රියාතම් ක කරවිමට කටයුතු කිරිම,
  2. අදාල සංචාරකයන් සිටින ජෛව බුබුළු අධීක්‍ෂණය කිරිමට ක්‍රමවේදයක් සකස් කිරිම,
  3. පසුගිය ජෛව බුබුළු සංකල්පය ක්‍රියාතම් ක කිරීමේදි සිදුවූ අඩුපාඩු පිලිබඳව සේවක අදහස් ඉදිරිපත් කිරිමට අවස්ථාවක් අප මධ්‍යස්ථානයට ලබාදීම,
  4. සියලූ හෝටල් සේවකයින් ප්‍රමුඛ තත්වයේ ලා එන්නත ලබාදීම.