වෛද්‍ය ජයරුවන් බණ්ඩරගේ හෙළිදරව්ව ගැන තාක්ෂණික විමර්ෂණයක් සිදුකරන්න

වෛද්‍ය ජයරුවන් බණ්ඩරගේ හෙළිදරව්ව ගැන තාක්ෂණික විමර්ෂණයක් සිදුකරන්න

අපරාධ පරීක්ෂණයක් මගින් බිය වැද්දීම වෙනුවට ජයරුවන් බණ්ඩාර මහතා හෙලිදරව් කරන ලද කරුණු පිළිබද  කඩිනම් තාක්ෂණික විමර්ශනයක් සිදු කර එයින් රටට හා මහජනතාවට ලබා දිය හැකි වාසි සැලසීම සදහා කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අපරාධ පරීක්ෂණයකට ලක් කල  යූ ටියුබ් සාකච්ඡාවට අදාලව සිදුව ඇති අපරාධය කුමක්ද යන්න පැහැදිළි නැත.

PCR සහ රැපිඩ් ඇන්ටිගෙන් වල මිළ ගණන් පිළිබදව ඔහු කල ප්‍රකාශයේ අසත්‍යතාවයක් පෙනෙන්නට නොමැති ඇතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යතාවයක් ඇත්නම් PCR කට්ටලයක් රුපියල් 800/- වඩා අඩු මුදලකටත්, රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් රුපියල් 800/- වඩා අඩු මුදලකටත් ලබාදීමේ හැකියාව පවතී. ඖෂධ නියාමන අධිකාරයේ අනුමැතිය නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ හිරවී ඇති නිෂ්පාදන කඩිනමින් ලබා ගැනීමට හැකිය.

මෙම තොරතුරුවල සත්‍ය අසත්‍ය බව කඩිනමින් සොයා බලා, මහජනතාවට, රටට සහ රජයට වාසි සැලසීම වෙනුවට, තොරතුරු ලබාදෙන නිළධාරීන් දණ්ඩනයට, මර්ධනයට සහ බිය වැද්දීම්වලට ලක් කර සත්‍ය තොරතුරු වාර්ථාවීම වලක්වා ගැනිම, දූෂිත නිළධාරීන්ගේ ක්‍රමවේදයකි.

එනයින්, ජයරුවන් බණ්ඩාර මහතා හෙලිදරව් කරන ලද කරුණු පිළිබද  කඩිනම් තාක්ෂණික විමර්ශනයක් සිදු කර එයින් රටට හා මහජනතාවට ලබා දිය හැකි වාසි සැලසීම සදහා කඩිනමින් කටයුතු කරන ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලමු. එසේම ඒ අරඹයා අපරාධ පරීක්ෂණයක් සිදු කිරීම සියුම් බියවැද්දීමක් සහ නිවැරදි තොරතුරු වාර්ථාවීම වැලක්වීම සදහා ගනු ලබන ක්‍රියාවක් මෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යන් හෑල්ලුවට ලක් කිරීමක් බව අප විශ්වාස කරමු.