රාජ්‍ය සේවයේ සිටින සියළුම දෙනාට සුබ ආරංචියක්!

රාජ්‍ය සේවයේ සිටින සියළුම දෙනාට සුබ ආරංචියක්!
රාජ්‍ය සේවයේ සියලුම සේවකයින්ට අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබා දීමට ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා සඳහන් කර තිබේ.
 
දැනට එම ප්‍රතිලාභ හිමිවෙන්නේ 2016 ජනවාරි මස 01 දිනෙන් පසු රාජ්‍ය සේවයේ විශ්‍රාම ගත් අය සඳහා  බව ප්‍රකාශකළ අමාත්‍යවරයා ඔවුන්ට වයස අවුරුදු 70 වන තෙක් අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ ලබා දෙන බව පැවැසීය.
 

තවද දැනට පවතින ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරමින් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ සියලුම විශ්‍රාමිකයින්ට අදාළවන පරිදි අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය සේවා පළාත් හා පළාත් පාලන ඇමති ජානක බණ්ඩාර ත්න්නකෝන් මහතාගේ යෝජනාවකට අනුව මෙය ක්‍රියාත්මකයි.