කොවිඩ් වලින් රැකෙන්න නම් රෝහල් බාහිර රෝගී අංශ තුළ PCR සහ RAT පරික්ෂණ පහසුකම් සපයන්න

කොවිඩ් වලින් රැකෙන්න නම් රෝහල් බාහිර රෝගී අංශ තුළ PCR සහ RAT පරික්ෂණ පහසුකම් සපයන්න

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රැක ගන්න, ආසාදිතයින් තවාන් දැමීම නවතන්න, පුරවැසියන්ගේ පරීක්ෂණ අයිතිය තවුරු කරන්න. රෝහල් බහිර රෝගී අංශ තුල රැපිඩ් PCR සහ RAT පරීක්ෂණ පහසුකම ලබාදෙන ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සෞඛ්‍ය කාර්‍යමණ්ඩල බහුල වශයෙන් ආසාධනය වීම වලක්වා ගැනීමට හැකියාව තිබියදී ඒ සදහා රෝහල් බලධාරීන් කටයුතු නොකිරීම බරපතලයි.

රෝගියෙකු රෝහලට ඇතුලුවීමේදී බාහිර රෝගී අංශය තුල රැපිඩ් PCR සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම ඇති කිරීම මගින් මේ තත්වය ඉතා පහසුවෙන් වලක්වා ගත හැක. එමගින් වසංගතය පැතිරයෑම වැලක්වීම සදහා පහත අවශ්‍යතාවයන්ද ඉතා පහසුවෙන් ආවරණය කර ගත හැක.

  1. රෝහලට නොදැනුවත්ව ඇතුළුවන ආසාධිතයි ප්‍රමාදයකින් තොරව හදුනා ගැනීම මගින් රෝහල් කාර්‍ය මණ්ඩලය අනවශ්‍ය ගොදුරක් බවට පත් වීම වැලැක්වීම
  2. රෝහලේ වෙනත් ප්‍රතිකාර සදහා පැමිනි මහ ජනතාව, නේවාසික රෝගීන් ආසාධනය වීම වැලැක්වීම
  3. විවිධ ප්‍රතිකාර අවශ්‍යතා සහිත රෝගීන්, රෝහලෙහි අනාරක්ෂිත බව හේතුවෙන් රෝහල්ගත නොවී සිටීම හේතුවෙන් සිදුවන මරණ සහ අනතුරුදායක තත්වයන් වලක්වා ගැනීම
  4. කොවිඩ් අසාධිත නොවන බව තහවුරු කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් අත්‍යවශ්‍ය ප්‍රතිකාර කලට වේලාවට නොලැබීම හේතුවෙන් ඇතිවන මරණ හා සංකූලතා වලක්වා ගැනීම
  5. සෞඛ්‍ය කාර්‍ය.මණ්ඩලය ඇතුළු රටේ සෑම පුරවැසියෙකු සදහාම, තමන්ට සැකයක්.ඇතිවන ඕනෑම මොහොතක තමන්ට ආසන්නයේ පවතින රෝහලක් තුලදී කොවිඩ් තත්වය පිළිබද සැකහැර දැන ගැනීමට හැකිවීම මගින් තම අරක්ෂාව සහ සමාජයේ ආරක්ෂාව වෙණුවෙන් ස්වාධීනව පියවර ගැනීමට හැකිවීම.

මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කල යුත්තේ කඩිනමින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන, මෙම අවශ්‍යතාවය තහවුරු කරනලෙස රෝහල් ප්‍රධානීනට නියෝග කිරීම පමණි. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් මෙම ක්‍රියාවලිය පන ගැනිවීම සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අතර ඒ පිළිබදව මාස 8ක් තිස්සේ සිදු කරණු ලැබූ ඉල්ලීම් සදහා මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැත.

රෝහල්තුල සහ සෞඛ්‍ය.අමාත්‍යාංශය තුල ඇති විවිධ ඒකාධිකාරීන් හා වෙළද මාෆියාවන් ආරක්ෂා කිරීමට පෙළ ගැසී සිටින ඇතැම් ඊනියා විශේෂඥයින්ගේ රූකඩ බවට සෞඛ්‍ය පරිපාළණය යටවී සිටීම මෙම තත්වයට ප්‍රධාන හේතුවක් බව බැලූබැල්මට පෙනෙන්නට තිනෙන අතර එමගින් රෝහල් කාර්‍යමණ්ඩලය ශ මහජනතාව විශාල අනතුරකට ලක්ව ඇත.

මේ පිළිබදව සෘජු තීරණයක් ගැනීමට කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු මෙතෙක් ඉදිරිපත් වී නැති බවද අවධාරණය කරමි.

ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පහතින් දැක්වේ

Health Staff Covid Page 1