සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රැක ගන්න, ආසාදිතයින් තවාන් දැමීම නවතන්න, පුරවැසියන්ගේ පරීක්ෂණ අයිතිය තවුරු කරන්න. රෝහල් බහිර රෝගී අංශ තුල රැපිඩ් PCR සහ RAT පරීක්ෂණ පහසුකම ලබාදෙන ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සෞඛ්‍ය කාර්‍යමණ්ඩල බහුල වශයෙන් ආසාධනය වීම වලක්වා ගැනීමට හැකියාව තිබියදී ඒ සදහා රෝහල් බලධාරීන් කටයුතු නොකිරීම බරපතලයි.
රෝගියෙකු රෝහලට ඇතුලුවීමේදී බාහිර රෝගී අංශය තුල රැපිඩ් PCR සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම ඇති කිරීම මගින් මේ තත්වය ඉතා පහසුවෙන් වලක්වා ගත හැක. එමගින් වසංගතය පැතිරයෑම වැලක්වීම සදහා පහත අවශ්‍යතාවයන්ද ඉතා පහසුවෙන් ආවරණය කර ගත හැක.
මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කල යුත්තේ කඩිනමින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන, මෙම අවශ්‍යතාවය තහවුරු කරනලෙස රෝහල් ප්‍රධානීනට නියෝග කිරීම පමණි. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් මෙම ක්‍රියාවලිය පන ගැනිවීම සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අතර ඒ පිළිබදව මාස 8ක් තිස්සේ සිදු කරණු ලැබූ ඉල්ලීම් සදහා මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැත.
රෝහල්තුල සහ සෞඛ්‍ය.අමාත්‍යාංශය තුල ඇති විවිධ ඒකාධිකාරීන් හා වෙළද මාෆියාවන් ආරක්ෂා කිරීමට පෙළ ගැසී සිටින ඇතැම් ඊනියා විශේෂඥයින්ගේ රූකඩ බවට සෞඛ්‍ය පරිපාළණය යටවී සිටීම මෙම තත්වයට ප්‍රධාන හේතුවක් බව බැලූබැල්මට පෙනෙන්නට තිනෙන අතර එමගින් රෝහල් කාර්‍යමණ්ඩලය ශ මහජනතාව විශාල අනතුරකට ලක්ව ඇත.
මේ පිළිබදව සෘජු තීරණයක් ගැනීමට කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු මෙතෙක් ඉදිරිපත් වී නැති බවද අවධාරණය කරමි.
ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පහතින් දැක්වේ

