වසරක පුහුණුවකින් පසු ස්ථිර කරන බවට පවසමින් වත්මන් ආණ්ඩුව බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණු වසර සැප්තැම්බර් 2 දිනට අවසන් විය. මෙතෙක් එම අභ්‍යාසලාභීන් ස්ථිර කිරීම සම්බන්ධ ප්‍රකාශයක් සිදු කර නැත. එවැනි තත්ත්වයක් යටතේ අභ්‍යාසලාභී උපාධිධාරින් පාරිභෝගික අධිකාරියේ වැටලීම් සඳහා යොදාගැනීමට රජය තීරණයක් ගෙන ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ, ලේකම්, ධම්මික මුණසිංහ නිකුත් කළ නිවේදනයක් දැක්වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, පසුගිය වසංගත කාලය පුර අභ්‍යාසලාභී උපාධිධාරීන් පාසල්වල online ඉගැන්වීම් කටයුතු සිදු කළ අතර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල දින 7ම සේවය කරන ලදී. සංචරණ සීමා පනවා ඇති මේ මොහොතේ පවා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්ත අභ්‍යාසලාභී උපාධිධාරීන් දින 5ම සේවයට කැඳවමින් ඇත.
ඒ සියල්ල සිදු කරනුයේ රුපියල් 20000ක උපරිම දීමනාවක් ලබමිනි. අවම සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කර ලබාදුන් රුපියල් 7500 අවදානම් දීමනාව පවා සෞඛ්‍ය කාර්යාලවල සේවය කරන අභ්‍යාසලාභීන්ට ලබා දුන්නේ නැත.
එසේ තිබියදී (07) දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අභ්‍යාසලාභී උපාධිධාරීන් කැඳවා (08) දින සිට පාරිභෝගික අධිකාරියේ වැටලීම් සඳහා සම්බන්ධ කරවීමට තීරණය කර ඇත.
ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සිදුකරන මෙවැනි බාල ක්‍රියාවන් පිළිකෙලෙන් හෙළාදකින අපි කියාසිටින්නේ සියලු අභ්‍යාසලාභීන් වහා ස්ථිර කරන ලෙසයි.
ආණ්ඩුව හදිසි නීති ගැසට් ඉදිරිපත් කරමින් මේ කරනු ලබන්නේ රාජ්‍ය නිලධාරින් ජනතාව අතර තවදුරටත් අප්‍රසාදයට පත් කිරීමටයි.
මුල්කාලයේ හමුදාව යොදවා කිරීමට ගිය, මේ ක්‍රියාවලිය අදාළ පුහුණුවක් හෝ නොලද අභ්‍යාසලාභී උපාධිධාරීන් පිට පැටවා ඇත. මේ ක්‍රියාවලිය තුළ එක් අභ්‍යාසලාභී උපාධිධාරණියකට හෝ උපාධිධාරියකුට යම් කරදරක් සිදු වුවහොත් ඒ සියලු වගකීම ආණ්ඩුව බාරගත යුතු බවද අවධාරණය කරමු.