ගුරු උද්ඝෝෂණවලට සහභාගී වූවන්ගේ තොරතුරු සීඅයිඩීය පොලිසිවලින් කැඳවයි

teachers-protest

 

 ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් පැවැත්වූ රැස්වීම් සහ උද්ඝෝෂණවලට සහභාගිවූවන් පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.

ගුරු විදුහල්පති මහජන රැස්වීම්, පෙළපාලි හා උද්ඝෝෂණ පැවැත්වූ ස්ථාන සහ දින, ඒවා සංවිධානය කළ පුද්ගලයින්ගේ නම් හා ලිපිනයන්, ඒවාට සහභාගිවී ඇති සංඛ්‍යාව, එම රැස්වීම්, පෙළපාලි හා උද්ඝෝෂණ පැවැත්වූ දිනයෙන් පසුව කොවිඩ් 19 ආසාදිතව මියගොස් ඇති හා ආසාදිත බවට පත්වී ඇති විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ නම්, ලිපිනයන්, පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා කලාප අධ්‍යාපන කාර්යාලය යන තොරතුරු ලබාදෙන ලෙස සීඅයිඩීය ඒ අනුව පොලිස් ස්ථාන වෙත දැනුම් ඇත.

සීඅයිඩීය කරන ලද එම දැනුම් දීම අනුව ඉහත තොරතුරුවලට අදාල තමන් සතු තොරතුරු ලබා දෙන ලෙස මූලස්ථාන පොලිස් ස්ථාන සිය ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දීමක් කර ඇති අතර ඒ මගින් අවධාරණය කර ඇත්තේ මෙය කඩිනම් විමර්ශන අවශ්‍යතාවක් බවය. එමෙන්ම එම තොරතුරු ඇතුලත් වාර්තාවක් සැප්තැම්බර් 08 දිනට ප්‍රථම සීඅයිඩීය ඉල්ලා ඇති බවද ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවන ලද දැනුම් දීමේ පොලීසිය සඳහන් කර ඇත.

ප්‍රියාශා හෙට්ටිහේවා (අනිද්දා)