‘හැකි නම් ගර්භණී වීම වසරකින් පමා කරන්න‘ – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

pregnant-mother

‘‘හැකිනම් ගර්භණී වීම වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා අඹුසැමියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති (08) දින මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම කළ අතපත්තු මහතා ඊට හේතු වශයෙන් පවසා සිටියේ දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් මෙය යහපත් පියවරක් වනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා “කොවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නෑ ඇත්තටම. දවසින් දවස අලුත් ප්‍රභේද හැදෙනවා. ඒක වෛරසවල තියෙන ලක්ෂණයක්. අපි මේ රෝගය ගැන මුලින්ම කියපු කතාව තමයි කොවිඩ්වලින් අම්මට ප්‍රශ්නයකුත් නෑ.. අම්මගෙන් කොවිඩ්වලට ප්‍රශ්නයකුත් නෑ කියලා. නමුත් මේ ඩෙල්ටා ප්‍රභේදය එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නයක් වෙනවා. ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අපි ගන්නේ අධි අවදානම් තත්ත්වයක් හැටියට. දරුවටත් අම්මටත් හානි වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකින් පමා කරන්න. ඔබ කැමතිනම්. අවුරුද්දක් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක්. එතකොට අපි එන ප්‍රශ්න ගැන දන්නවා. ඒ වගේම එන්නත් ගැනත් අපි දන්නවා.”