ගුරු සටන නව මාවතකට “සුබෝධනී“ කමිටු වාර්තාව පැත්තකින් තියයි

teachers-protest

‘සුබෝධනී’ වාර්තාව පසෙකට දමා ඇමැති අනු කමිටුවේ වාර්තාවට අනුව ගුරුවරුන් සියලූ දෙනාටම එකවර වැටුප් වැඩිවීම් ක‍්‍රියාත්මක කරන ලෙසට රජයට බල කරමින් ගුරු සංගම් නව අරගලයක් කි‍්‍රයාත්මක කර තිබේ.

ඒ අනුව මෙතෙක් කලක් ‘සුබෝධනී’ කමිටු වාර්තාව ක‍්‍රියාත්මක කරන ලෙසට කළ ඉල්ලීමෙන් තම සංගම් අඩියක් පස්සට ගෙන වත්මන් පාලකයින්ගේ නිර්දේශවලට අනුගත වීමට තීරණය කළ බව ගුරු සංගම් නියෝජිතයෝ සඳහන් කළහ.

මේ වනවිට ගුරු සංගම් වෘත්තීය සටනට දින 64ක් ගතවී තිබෙන අතර වසංගතය නිසා පාසල් වසා දැමීමත්, ‘ඔන්ලයින්’ අධ්‍යාපනයෙන් ගුරුවරුන් ඉවත් වීමත් නිසා පාසල් දරුවන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බව දෙමාපියෝ පැවසූහ.

තම වැටුප් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කොට එකඟතාවයකට ඒම සඳහා ජනාධිපතිවරයා හෝ මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට කළ ඉල්ලීම්වලට ප‍්‍රතිචාරයක් නොමැති නිසා සටන නොනවත්වා දිගටම කරගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

රුපියල් 5000කින් වැටුප් වර්ධකයක් ලබාදීමට ගෙන තිබෙන තීරණය පිළි නොගන්නා බවත් පොරොන්දු වී තිබෙන පරිදි අදාළ වැටුප් වැඩි වීම් එකවර ලබාදෙන තුරු සටන නොනවතින බවත් හෙතෙම කීවේය. ගුරු-විදුහල්පති සංගම් දහහතරක් එක්ව මෙම තීරණවලට එළඹ ඇත.
(දිවයින)