හිටපු මන්ත්‍රීවරු වෘත්තීය සංගම් මූලස්ථානයට කඩා පැන හානි කළ බවට චෝදනා (PHOTO)

wadiwel-suresh

 රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් මූලස්ථානයට පසුගිය 08 දින එක්සත් ජාතික පක්ෂයට අයත් හිටපු පාර්ලි මේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක, රුවන් විජේවර්ධන, සාගල රත්නායක, සමන් රත්නප්‍රිය හා ශාන්තිනි කොන්ගහගේ ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් ඉබි යතුරු කඩා ඇතුළු වී තම දේපළ වලට හානි කල බව එම සංගමයේ ප්‍රධාන ලේකම් හා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් මහතා ප්‍රකාශ කලේය.

තවද කොවිඩ් ඇඳිරි නීතිය පනවා ඇති තත්ත්වයක් තුළ මෙම නීති විරෝධි ක්‍රියාව සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ අතර, 9 දා සවස මේ සඳහා පරික්ෂණයක් පැවැත්වීම සඳහා තම සංගම් කාර්යාලයට පැමිණි බවද ඔහු සඳහන් කලේය.

මෙම වෘත්තීය සමිති කාර්යාලය සම්බන්ධයෙන් දිස්ත්‍රික් උසාවියේ නඩුවෙන් තම වෘත්තීය සමිතිය අයිති බව තහවුරු කර තිබියදීත් ඔවුන් මෙම නීති විරෝධි කටයුත්ත කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

1

2

3

4