ඇඳිරි නීතිය දික් කිරීමෙන් කිසිඳු පලක් නෑ -PHI සංගමය

ඇඳිරි නීතිය දික් කිරීමෙන් කිසිඳු පලක් නෑ -PHI සංගමය

සංචරණ  සීමාව නිසි පරිදි සිදු නොවනවා නම් දැනට පවතින  ඇඳිරි  නීතියෙන් කිසිදු ඵලක් නොමැති බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

 මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සතිය තුළ සංචරණ සීමා පැනවීම සහ නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක කිරීම දෙස බැලීමේදී ඉතාමත් දුර්වල මට්ටමක පවතින බවයි. එවැනි තත්ත්වයක දී තවදුරටත් මෙලෙස ඇඳිරි නීතිය පැනවීම මගින් බලාපොරොත්තු වන ආකාරයේ  බලපෑමක් නොවන බවයි හෙතෙම සඳහන් කළේ.

පසුගිය සතිය තුළ  මහා මාර්ග වල   වාහන අනවශ්‍ය ආකාරයෙන් ධාවනය වන බවක් දක්නට ලැබුණු අතර මහා මාර්ග වල ජනතාවද වැඩි වශයෙන් ගමන් කරන බවක් දක්නට ලැබුණු බවයි  උපුල් රෝහණ මහතා සඳහන් කළේ.

එබැවින් නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ ද ජනතා මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවට ඉදිරි කාලයේ දී තවත් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වන බවයි එහෙ මහතා පෙන්වා දෙන්නේ. මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා  අත්‍යාවශ්‍ය සේවාවන් වලට මුවාවී මහා මාර්ග වල ගමන් ගන්නා පුද්ගලයින් දැඩි පරීක්ෂාවට ලක් කිරීමත්  ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්  උපුල් රෝහණ මහතා පොලිස් දෙපාර්තමේන්තුවෙන්  ඉල්ලීමක් කළේය.