නිරෝදායන ඇදිරි නීතිය මේ මස 21 දින දක්වා දීර්ඝ කර ඇති තත්ත්වයක් යටතේ තව දින 10ක කාලයක් තවදුරටත් රට වසා දැමීම හේතුවෙන් ඔබතුමන් විසින් නිකුත් කර ඇති 2021.09.04 දිනැති වක්‍රලේඛනයට අනුගතව කටයුතු කිරීමට සිදුව ඇති අතර, එම චක්‍ර ලේඛය අනුව කටයුතු වලදි ඇතිවන බාධා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කරුණු ඇතුළත් ලිපියක් තැපැල්පතිවරයා වෙත, තැපැල් වෘත්තීය එකමුතුව විසින් ලිපියක් යොමු කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,
2. මෙම චක්‍රලේඛනය අනුව දැනට රටපුරා තැපැල් සේවා කටයුතු පවත්වාගෙන යාමේදී එහි සඳහන් සමහර කරුණු ප්‍රාදේශීය තැපැල් පරිපාලනය විසින් යම් යම් ස්ථානවලදී උල්ලංඝනය කරමින් කටයුතු කරන බව දැනගන්නට ඇත. එමෙන්ම මෙම කරුණුවලට අදාළව අප සංවිධානය විසින් 2021.09.05 දින ඔබ තුමන් වෙත තැපැල් කාර්යාලවල රාජකාරී ඉටු කිරීමේදී සේවකයින්ට මුහුණ දීමට සිදුවන ගැටළු සම්බන්ධයෙන් සවිස්තර ලිපියක් ඉදිරිපත් කර ඇත. එම ලිපිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති අතරම එම ලිපියේ සඳහන් ගැටළු සම්බන්ධයෙන්ද මේ දක්වා සාධනීය මට්ටමින් විසදුම් ලබා දී නොමැති බවද මෙහිදී ප්‍රකාශ කළ යුතුව ඇත. මේ අනුව සේවකයින් තම රාජකාරී දැඩි පීඩාකාරී තත්ත්වයක් තුල ඉටු කරනු ලබන බව ඉතා කනගාටුවෙන් යුතුව දන්වා සිටිමු. විශේෂයෙන් ම පොදු ප්‍රවාහනය විධිමත් අයුරින් ක්‍රියාත්මක නොවීම තුල සියළු නිළධාරීන්ට, උප තැපැල් ස්ථානාධිපති වරුන්ට මෙන් අනෙකුත් ශ්‍රේණිවල සේවකයින්ට පෞද්ගලික කුලී රථ සදහා රු.1000.00 / 1500.00 ආදී වශයෙන් සැලකිය යුතු මුදලක් ගෙවමින් දෛනික සේවයට වාර්තා කිරීමට සිදුව ඇත. මෙම අය සදහා ප්‍රවාහන පහසුකම් ලබා දෙන ලෙස අප විසින් අවස්ථා කිහිපයකදී ඉල්ලා ඇතත් බොහෝ පිරිසකට එම පහසුකම් ලබානොදී සේවයට කැදවීම තුල එම සේවකයන් දැඩි අපහසුතාවයකට පත්කර ඇති බව ඉතා කනගාටුවෙන් දන්වා සිටිමු.
3. එමෙන්ම අධික නිළධාරී පුරප්පාඩු ප්‍රමාණයක් සහිතව කාර්යාල කටයුතු කරන අතර මෙහිදී නිළධාරීන්ට හිමි යම් ප්‍රතිලාභ කප්පාදු කර ප්‍රාදේශිය පරිපාලනය ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරමින් සේවකයින්ගේ අයිතිවාසිකම් අමු අමුවේම උල්ලංගනය කරමින් සිටියි. එමෙන්ම විවිධ අපහසුතා තුල සේවයට පැමිණීමට නොහැකි සේවකයින්ට හානිදායක අයුරින් කටයුතු නොකරන ලෙස අප විසින් කරන ලද ඉල්ලීම බැහැර කරමින් ඔවුන්ට නිවාඩු ලකුණු කරමින් කටයුතු කරන බවද දැනගන්නට ඇත.
4. පවතින වසංගත තත්ත්වය තුල ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් පනවා ඇති උපදෙස් පවා කඩකරමින් දෙපාර්මේන්තුවේ යම් යම් ප්‍රාදේශීය මාණ්ඩලික නිළධාරීන් කටයුතු කරමින් සිටින බව ද ඉතා කගාටුවෙන් යුතුව දන්වා සිටිමු.
5. මෙහිදී තවදුරටත් රට වසා ඇති තත්ත්වයක් තුල තැපැල් කටයුතු සිදුකරන්නේ නම් පහත කරුණූ කෙරේ ඔබ තුමන්ගේ දැඩි අවධානය යොමු කරවන ලෙස කාරුනිකව ඉල්ලමු.
මෙම ලිපිය සඳහා පහත සඳහන් වෘත්තීය සමිති එකතුවෙන් තැපැල්පතිවරයා වෙත යොමුකර ඇත.
තැපැල් සහ විදුලි සංදේශ නිළධාරීන් සංගමය, ශ්‍රි ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය, ජාතික තැපැල් සහ විදුලිසංදේශ සේවක සංගමය, එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, ශ්‍රි ලංකා නිදහස් තැපැල් වෘත්තීය වේදීන්ගේ සංගමය, ලංකා තැපැල් සේවා සංගමය, තැපැල් දෙපාර්මේන්තුවේ නිළධාරී සංගමය
