ළමා අපයෝජන නඩු විභාග කල්ගතවීම වළකාලමින් නව චක්‍රලේඛයක්

ළමා අපයෝජන නඩු විභාග කල්ගතවීම වළකාලමින් නව චක්‍රලේඛයක්

මහාධිකරණ වල පවතින ළමා අපයෝජන  නඩු විභාග කිරීම කල්ගත වීම අවම කිරීමේ අරමුණින්  නව චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

අධිකරණ සේවා කොමිසම විසින්  අදාල චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සියලු  මහාධිකරණ විනිසුරුවන් වෙතටයි.

 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමා අපයෝජන නඩු විභාග පමා වීම සම්බන්ධයෙන්  සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින්  මෙම චක්‍රලේඛය නිකුත් කර  තිබෙන බවයි සඳහන් වෙන්නේ.

 ඒ අනුව ළමා අපයෝජන නඩු වලට  ප්‍රමුඛත්වය ලබාදීම මහාධිකරණ විනිසුරුවන් ගෙන් බලාපොරොත්තු වන බවත්  චක්‍රලේඛයේ දක්වා ඇත.