ගුරු-සංගම් තීන්දුව දැඩිවෙයි

ගුරු-සංගම් තීන්දුව දැඩිවෙයි
තම ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
 
ඔහු ඒ් පිළිබඳ මෙසේද කියා සිටියේය.
 
"මේ වෙනකොට විභාග සඳහා අයදුම්පත් ඉදිරිපත් කරලා නෑ අපි. උසස් පෙළ විභාගයට හා ශිෂ්‍යත්ව විභාගයට අපි ඉදිරිපත් කරන්නෙත් නෑ මේ අරගලය ඉවර වෙනකල්. අපි දැක්කා අමාත්‍යවරයා කියනවා පොලීසි යන්නලු. මොකද්ද මේ කරන්නේ. සැප්තැම්බර් 15 වෙනකල් කල්දීලා තියෙන්නේ. ප්‍රශ්නය විසඳන්න තියෙන්නේ."
 
එසේ වුවද දරුවන් ගැන සිතා අදාළ කටයුතු නියමිත දිනට සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටියි.
 
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණකර යැවීමේ අවසන් දිනය ලෙස සැප්තැම්බර් 15 වනදා ප්‍රකාශයට පත්කර ඇත.
 
වසර 24ක් පුරා නොවිසඳුනු ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් එම වෘත්තිය සංගම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ අතර පසුව ඔවුන් සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන්ද ඉවත්විනි.
 
මේ වනවිට මාස 2 ක කාලයක් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී තිබේ.