ඖෂධ මාෆියාව සහ ඖෂධ නියාමන අධිකාරියේ වගකීම හදුනා ගන්න

ravi-kumudesh

ලංකාවේ දැනට එන්නත් මිලියන 22ක් විතර ගෙන්නලා තිබෙනවා. මිලියන 17ක් විතර ගෙන්නවලා තියෙන්නේ සයිනෝෆාර්ම්. සයිනෝෆාර්ම්වල අමත්‍යමණ්ඩලය අනුමත කරපු, අපි දන්න මිල ඩොලර් 15ක් විතර වෙනවා. ලෝකයේ තියන එන්නත් මිල පරීක්ෂාවෙදි අපිට පේන්නේ අනිත් එන්නත් සියල්ලේ විකුණුම් මිල ඩෙලර් 5-10 අතර මිලක් වෙනවා. ඒ අනූව අපි එන්නතක් ඩොලර් 12ක් විතර වියදම් කරලා තියනවා.

අපේ රටේ ඖෂධ මාෆියාව සහ ඒක නියාමනය කරන්න ඉන්න ඖෂධ නියාමන අධිකාරීයේ ක්‍රියාකාරිත්වයේ එක පැතිකඩක් තේරුම් ගන්න මේ ගණං ටික වැදගත්.

ඒ අතරේ ලංකාවේ දේශීය ආයතනයක් කියනවා අපිට රට තුල ඩොලර් 6-7ක මිළකට එන්නතක් නිපදවිය හැකියි කියලා. රුපියල් ලක්ෂ දෙකේ සිට දහය දක්වා මිල ගණන් වලට විකිනෙන ටොසිලිසුමාබ් වැනි ඖෂධ රුපියල් 40000ක වැනි මිලකට ලබා දිය හැකි බව. නමුත් ඔවුනට ඖෂධ නියාමන අධිකාරියේ අවසරය වුවමණාවෙන්ම වල්කවලා තියන බවට ඔවුන් චෝදනා කරනවා.

අපි මිලියන 22ක් පමණ එන්නත් ගෙනල්ලා තියනවා. දළ වශයෙන් ඩොලර් මිලියන 260ක් විතර මුදලක් රටක් විදිහට වැය කරලා ඇති. රටතුල නිපදවනවානම් ඩොලර් මිලියන 150ක් විතර වැයවේවි. එන්නතෙන් විතරක් ඩොලර් මිලියන 100ක්, ඒ කියන්නේ රුපියල් බිලියන 20ක් ඉතුරු කරන්න පුළුවන්. අවම වශයෙන් අනාගය සදහා හෝ එම දේශීය සමාගම් වලට අවස්ථාව නොදීමට හේතුව අපි හොයන්න ඕනේ ඒ නිසා.

ලෝකයම ඖෂධ මාෆියාවක් තියන බව අපි දන්නවා. නමුත් ඒවා නියාමනය කරන්න ඉන්න ආයතනය වැරදි පීල්ලේ හෝ අයාලේ යනවානම් ඒක සාමාන්‍ය මාෆියාවකට එහා ගිය තත්වයක්.

තමන් කැමති සමාගමකට වාසි සැලසෙන විදිහට නියාමන හා ලියාපදිංචි තීරණ ගන්න එක තමයි අපි වැඩිපුර අවධානය යොමු කරන දූෂිත තත්වය. නමුත් ඊට වඩා දූෂිත ඖෂධ මාෆියාවක්, තමන් අකමැති සමාගමකට වෙළෙඳපොළට අවතීර්ණ වීමට ඇති ඉඩ වැලක්වීම හරහා සිදු වෙනවා. එහි අපේක්ෂාව වෙන්නේ තමන් කැමති සමාගමේ තරගකාරීතවය නැති කොට ඒකාධිකාරීත්වයක් හදලා දෙන එක.

ලංකාවේ ඖෂධ නිෂ්පාදනය, නියමානය හා බෙදා හැරීම සදහා ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටවනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. නමුත් ඒ අපේක්ෂාව ඉටු වෙලාද කියල හැරිලා බලන්න කාලය හරි. 2018 වර්ෂයේදී ‍රට තුල ඖෂධ නිෂ්පාදනයට ආයතන 38ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ගිවිසුම්ගත වෙනවා. ඊට පස්සේ එකම එක සමාගමක්වත් මේ ක්‍රියාවලියට අවතීරණ කර ගන්න රාජ්‍ය අමාත්‍යාංශයට බැරි වෙලා තියනවා. නමුත් එකතුවුණු සමාගම් වසා දැමීමට හෝ වැසියන තත්වයට පත් කරන්න වැඩ කරයුතු.සිදු වෙලා තියනවා. අදවෙන වෙටත් ගිවිසුම් ගත වෙච්ච සමාගම් 38න් දහයකටවත් ඖෂධ නිපදවන්න ඉඩ දීලා නැහැ.

ඖෂධ නියාමාන ඇධිකාරියට නිළධාරීන් පත් කරන බලය තියෙන්නේ කැබිනට් අමාත්‍යවරයාට. නමුත් එහි සභාපති වරයා පත් කිරීමේදී එවකට හිටපු සෞඛ්‍ය ඇමතිනිය මොකුත්ම ඒ ගැන දැනගෙන හිටියද කියන එක අපි ප්‍රශ්ණ කරනවා.

පසුගිය සතියේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී තනතුරට ඉල්ලුම් පත් කැදෙව්වා. ජෞෂ්ඨ වෛද්‍ය නිළධාරීන් 9ක් ඉල්ලුම් කලා. 4ක් සම්මුඛ පරීකෂණයෙන් තෝර ගත් බව වාර්ථා වෙනවා. ඒ හැමෝම සභාපතිවරයාට වඩා සුදුසුකම් තියන, පරිපාළණ ප්‍රවීනයන්. තනතුරු වල සුදුසු අය ඕනෑ තරම් සිටියදී නුසුදුස්සන් පත් වන බවට මේක හොද සාක්ෂියක්.

නමුත් අපිට වාර්ථා වෙනවා, ඒ හතර දෙනාම මග හැරල්ල ගජ මිතුරෝ පත් කර ගන්න යනවා කියලා.

මේ තනතුරු වල වගකීම තියෙන්නේ කැබිනට් ඇමති වරයාට. රාජ්‍ය ඇමති වරයාට එම වගකීම නැහැ. ඒ නිසා අපි කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් ඉල්ලනවා, සෞඛ්‍ය ඇමතිවරයාගේ පෞරුෂය, රූකඩයක් කරවන්න දෙන්න එපා. මේ ක්‍රියාවලියට පාළණය කරන්න. සෞඛ්‍ය අසමත් වුණොත්, එහි ප්‍රධාන චෝදනාව එන්නේ ඔබට බව මතක තියාගෙන වැඩ කරන්න

රවී කුමුදේශ්
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය