ලංකාවට ඩොලර් ගෙන ඇඟළුම් කර්මාන්තය අනතුරක

ලංකාවට ඩොලර් ගෙන ඇඟළුම් කර්මාන්තය අනතුරක

ලෝකයේ ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වූ covid - 19 වසංගත තත්ත්වය තවමත් පහව යන ලකුණු දක්නට නැත. බොහොමයක් රටවල කාර්යාලයීය වැඩ කටයුතු කෙරෙන්නේ නිවෙස්වල සිට අන්තර්ජාලය හරහාය. තම අවශ්‍යතාවන් සඳහා මිනිසුන් නිවසින් බැහැර වන අවස්ථා ද යම් ප‍්‍රමාණයකට අඩුවී ඇත. ජනයා ඒකරාශී වන ප‍්‍රියසම්භාෂණ ආදිය පැවැත්වීමේද අඩුවක් දක්නට ලැබේ. ඇඟලූම් සඳහා දියුණු රටවල්වල දක්නට ලැබුණු නවීන මෝස්තර හඹා යෑමේ ප‍්‍රවණතාව යම් මට්ටමකින් පහළ වැටී ඇති බව සමීක්ෂණ වලින් හෙළි වේ. මේ හේතු ලෝකයේ නිමි ඇඳුම් වලට ඇති ඉල්ලූම පහත හෙළා ඇත. ලෝකයේ ඇඟලූම් ආනයනය කරන රටවල් වලින් ප‍්‍රමුඛස්ථානය ගන්නේ යුරෝපීය වෙළෙඳපොළ හා ඇමරිකා එක්සත් ජනපද වෙළෙඳපොළයි. මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදයේ දිනකදී වාර්තාවන නව කොවිඞ් 19 රෝගීන් සංඛ්‍යාව 60,000 ඉක්මවයි. යුරෝපීය රටවල් සියල්ලම එකක් කොට ගත් කල්හි එහි ද රෝගය යළිත් උත්සන්න වෙමින් පවතී. මේ හේතුව නිසා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කොට ඇති ඇඟලූම් නිෂ්පාදනය යථාවත් වීමට තවත් කල් ගත වන බව පෙනේ. ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප‍්‍රධාන සම්පත වන මෙම කර්මාන්තය අප රට තුළ පවත්වාගෙන යන්නේ කෙසේද?

ඇඟලූම් කර්මාන්තයේ යෝධයා චීනය

විදේශ වෙළෙඳපොළ ඉලක්ක කොට ගත් ඇඟලූම් නිෂ්පාදනය කරන රටවල් අතරින් චීනය ප‍්‍රමුඛස්ථානය ගනී. චීනය ඇමරිකානු ඩොලර් බිලියන එකසිය විස්සක් (රුපියල් ටි‍්‍රලියන විසි හතරක්) වටිනා ඇඟලූම් නිෂ්පාදන වාර්ෂිකව අපනයනය කරනු ලබයි. ඔවුන් ඇඟලූම් අපනයනයෙන් පමණක් ලංකාවේ දළ ජාතික ආදායමෙන් අඩක පමණ මුදලක් උපයාගනී. ඊළඟට ආසියාවේ ඇති ඇඟලූම් අපනයන කරන රටවල් අතර ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව බංග්ලාදේශය වියට්නාමය පාකිස්ථානය දකුණු කොරියාව හොංකොං දේශය තායිවානය ආදී රටවල් ය. ශ‍්‍රී ලංකාව ඇඟලූම් අපනයනයෙන් උපයා ගන්නේ වසරකට ඩොලර් බිලියන 5 ක් පමණි. නිෂ්පාදනය කිරීමට පහසු සංකීර්ණ ඇඟලූම් සඳහා ලෝකයේ නමක් දරා සිටින්නේ ශ‍්‍රී ලංකාවයි. මෙයට හේතුව ලංකාවේ ඇති ඉහළ සාක්ෂරතාව හා සේවක සේවිකාවන්ගේ ආචාරශීලිත්වයයි. ඇඟලූම් කර්මාන්තය අඩු මිල ශ‍්‍රමය ඇති රටවල් වෙතට සංක‍්‍රමණය වූවත් සංකීර්ණ ඇඟලූම් හා තත්ත්වයෙන් උසස් ඇඟලූම් සඳහා ශ‍්‍රී ලංකාවට ඇති ඉල්ලූම තවත් බොහෝ කල් පවතිනු ඇත. රට තුළ නිෂ්පාදන කටයුතු අඩාල වීමෙන් 2020 වසරේ මුල් මාස 5 තුළ නිමි ඇඳුම් අපනයනයෙන් ලබාගත හැකිවූයේ ඩොලර් මිලියන 1534.61 ක් පමණි. 2019 වසරේ මෙම කාලය තුළ නිමි ඇඳුම් අපනයනයෙන් ඩොලර් මිලියන 2248.68 ක් ලබාගෙන තිබිණ. උක්ත පසුබෑමට හේතුව එම කාලයේ රට වසා තැබීම හේතුවෙන් ඇඟලූම් කර්මාන්තශාලාවල කටයුතු අඩපණ වීමයි. 2021 වසරේ කොවිඞ් අවදානම් කාලයේ වුවද ඇඟලූම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑම සඳහා විශේෂ අවසරයක් හා ඒ සඳහා ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ හේතුවෙන් මුල් මාස පහ ඇතුළත ඩොලර් 2064.17 ක විදේශ විනිමයක් රටට ගෙන ඒමට හැකිවිය.

ඇඟලූම් කර්මාන්තයේ බරපතළ ගැටලූ

අපනයන ඇඟලූම් කර්මාන්ත හිමියා දැනට මුහුණදෙන ගැටලූ රාශියකි. මින් වඩාත්ම බලපා ඇත්තේ රටේ පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සේවක සේවිකාවන් සේවයට පැමිධෑම අඩුවීමයි. ඇණවුම් නිසි වේලාවන්ට නැව්ගත කිරීම සඳහා අතිකාල සේවයේ යෙදවීමටද අපහසුතාවක් ඇත. මේ සඳහා සහයෝගය ලබාගත් උප කොන්ත‍්‍රාත් ආයතනද බොහොමයක් ක‍්‍රියාත්මක වන්නේ නැත. සියලූම ආකාරයේ අපනයන අඩුවීමේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ වරායන්ට පැමිණෙන නැව් සංඛ්‍යාවද අඩුවී ඇත. මේ හේතුවෙන් අපනයනය සඳහා නැව් තෝරාගැනීමේ අපහසුවක් ඇත. මීට කලින් නියමිත නැවෙහි යවා ගැනීමට අපහසු වූවිට ඊළඟ නැවේ යැවීමට සැලසුම් කරගත හැකිව තිබිණ. නැව් ගමනාගමනය අඩුවීම නිසා ආනයන කටයුතු සඳහා නැව් ගාස්තුද සැලකියයුතු මට්ටමකින් ඉහළ ගොස් ඇත. මේ නිසා ලංකාවේ රෙදි නිෂ්පාදනයට අවශ්‍ය යාන් නූල් වල මිල ඉහළ යෑමේ හේතුවෙන් රෙදිවල මිලද බෙහෙවින් ඉහළ ගොස් ඇති අතර ආනයනය කරන අමුද්‍රව්‍යවල තත්ත්වයද එසේය. රජය මගින් යොදා ඇති ආනයන සීමාවන් හේතුවෙන් යන්ත‍්‍රසූත‍්‍ර කොටස් හා ඉඳිකටු ආදියෙහිද හිඟතාවක් පෙන්නුම් කරන අතර ඒවායේ මිලද ඉහළගොස් ඇත. එහෙත් විදේශ ගැණුම්කරුවන් ඇඟලූමක් සඳහා කර්මාන්ත කරුවන්ට දෙන මිල ගණන්හි වැඩිවීමක් දක්නට නොලැබෙන අතර එම රටවල ඒවාට ඇති ඉල්ලූමේ අඩුවීම දෙස බලනකල එසේ මිල වැඩිවීමක් අපේක්ෂා කිරීමටද නොහැක.

1982 වසර වන විට ඩොලරයක අගය වූයේ රුපියල් විසි පහකි. අද වන විට එය රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් ඇත. ආසන්න වශයෙන් අට ගුණයක වැඩි වීමකි. එදා ඩොලරයක් ගෙවූ ඇඟලූමකට අද ගෙවන්නේත් ඩොලර් එකක් හෝ ආසන්න මුදලකි. හේතුව බොහෝ විට බටහිර රටවල්වල භාණ්ඩ මිලෙහි වැඩි වෙනසක් ඇති නොවන නිසාය. රුපියල් වලින් ගත්කල 1982 දී මෙන් අට ගුණයක් කර්මාන්ත කරුවාගේ ආදායම ඉහළ ගොස් ඇත. 1982 දී මහන යන්ත‍්‍ර ක‍්‍රියාකරවන්නියකට ගෙව්වේ රුපියල් තුන්සීයක වැටුපකි. අද වන විට එය රුපියල් විසිපන්දාහක් පමණ වේ. එනම් ආසන්න වශයෙන් අසූ තුන් ගුණයක වැඩි වීමකි. මෙම වැටුපට ගැළපෙන සේම ආයතනයක අනෙකුත් සියලූ වියදම් ද ඉහළ ගොස් ඇත. එලෙස බැලූ කල ඇඟලූම් ක්ෂේත‍්‍රයේ ආදායම අට ගුණයකින් ඉහළ යද්දී වියදම අසූ තුන් ගුණයකින් ඉහළ ගොසිනි. ඇඟලූම් කර්මාන්තය පවත්වාගෙන යෑම අද ඉතා සකසුරුවම් ලෙස නොකළොත් අමාරුවේ වැටෙනවා නියතය. ඩොලරයේ වටිනාකම වැඩිවුවත් ඇඟලූම් කර්මාන්තය ක‍්‍රමයෙන් පහළට වැටුණ බව මින් පැහැදිලිය.

සලාක ක‍්‍රමය ඉවත් වීමෙන් වූපසුබෑම (Quota System)

ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් සිය ඇඟලූම් අවශ්‍යතාවන් කොතෙක්දැයි ගණන් බලා එය ඇඟලූම් නිෂ්පාදනය කරන මේ මේ රටවල්වලින් මේ මේ ප‍්‍රමාණය පමණක් ලබා දිය යුතු යැයි එක් එක් රටවල් සමඟ ගිවිසුම් අත්සන් කළහ. මෙහිදී එක් එක් ඇඟලූම් වර්ග සඳහා අංකයක් ලබා දුන් අතර එම රටවල් වලට එම ඇඟලූම් වර්ගය නිෂ්පාදනය කිරීමේ ශක්‍යතාවය ඇත්දැයි ද (Capability ) සැලකිල්ලට ගන්නා ලදී. තවද රටේ දරිද්‍රතාව කෙරේද විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබීය. සලාකයෙන් වැඩිම ප‍්‍රතිශතයක් ලැබුණේ චීනයටයි. ඉහළ ජනගහනයක් ඇති චීනයේ ඇඟලූම් කර්මාන්ත ද විශාල ප‍්‍රමාණයක් තිබීම හේතුවෙන් රටක් හැටියට ගත් කල ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව ද ඉතා ඉහළ විය. එබැවින් සලාකයෙන් සියයට 55 ක ප‍්‍රතිශතයක් චීනයට ලබා දුනි. ශ‍්‍රී ලංකාවට ලැබුණේ 4% කි. ඇඳුම් නිෂ්පාදනයේ දුර්වල තත්ත්වයන් පෙන්වන රටවල්වලට පවා විදේශ ගැනුම්කරුවන්ට යෑමට සිදුවූයේ ඔවුන්ගෙන් ලබා ගන්නා ප‍්‍රමාණයද නොගතහොත් සිය රටවල්වල ඇඟලූම් අවශ්‍යතාව පිරිමසාලීමට නොහැකි වන නිසාය. මේ හේතුව නිසා නිෂ්පාදනය කරන රටවල් වලට නිෂ්පාදනය කරන අනෙකුත් රටවල් සමග තරගකාරී බවක් ඇති වූයේ නැත. සමහර රටවල් වලට මින් සිදු වූ හානිය නම් තමාගේ අපනයන නිෂ්පාදන ධාරිතාවය වැඩි කර ගැනීමේ හැකියාව තිබුණද කෝටා ක‍්‍රමය නිසා අපනයන ඉල්ලූම සීමාවී තිබීමයි. රටට ලබාදෙන ලද ඇඟලූම් සලාකය එරට රජය මගින් එක් එක් කර්මාන්තශාලා වෙත දෙනු ලබයි. ශ‍්‍රී ලංකාවේ මෙම කටයුත්ත කළේ ඇඟලූම් සලාක මණ්ඩලය (Textile Quota Board) මගිනි. ඒ යුගයේ මෙම බෙදා දීමේදී තම නෑදෑ හිතවතුන්ට හා මුදල්වලට සැලකිලි දැක්වීම තුළින් යම් යම් අසාධාරණකම්ද සිදුවිය.

විකල්ප නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපලේ ඉල්ලූම

පොලිතීන් ශරීර ආවරණ සඳහා විශාල ඉල්ලූමක් පසුගිය වසරේ එක්සත් ජනපදයෙන් ලැබිණ. ඒවා ඉතා පහසුවෙන් නිපදවිය හැකි යන්ත‍්‍රසූත‍්‍ර චීනයේ නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව එම ඇණවුම් සියල්ල චීනය වෙත ගියේය. තවත් විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් අපට අහිමි විය. මුහුණු ආවරණ සඳහා විශාල ඉල්ලූමක් දේශීය වෙළඳපොළේ පවතී. වතාවන් දහයක් පමණ සෝදා පරිහරණය කළ හැකි මුහුණු ආවරණ ද දේශීය වෙළෙඳ පොළේ ඇත. දැනටමත් කුඩා කර්මාන්ත රාශියක් මේ මත යැපෙමින් පවතී.

ඇඟලූම් සඳහා දේශීය වෙළෙඳ පළේ ඉල්ලූම

ඇඟලූම් සඳහා දේශීය වෙළඳපළ සක‍්‍රීයව පවතින්නේ වසරේ මාර්තු මාසයේ සිට දෙසැම්බර් දක්වාය. 2019 අපේ‍්‍රල් 21 වැනිදා සිදුවූ පාස්කු ප‍්‍රහාරයත් 2020 ජදඩසා වසංගතයක් හේතුකොටගෙන දේශීය ඇඟලූම් වෙළඳපල විශාල පසුබෑමකට ලක්විය. මහා පරිමාණ දේශීය ඇඟලූම් නිෂ්පාදකයන්ගේ ගබඩා වල නිෂ්පාදන විකුණාගත නොහැකිව ගොඩගැහෙන්නට වූ අතර කුඩා කර්මාන්ත ශාලාවල කටයුතු බොහෝ සෙයින් මන්දගාමී විය. හරියටම කියනවා නම් බොහොමයක් කුඩා කර්මාන්තශාලා වැසී ගියේය. දේශීය නිෂ්පාදකයා රැකගැනීමට විදේශවලින් නිමි ඇඳුම් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීම ගැන රජයට ප‍්‍රශංසා කළ යුතුය.

රාජ්‍ය ආයතනවල බලපෑම

වසංගත තත්ත්වය හේතුවෙන් රේගුවේ හා වරායේ නිලධාරීන් පැමිධෑමේ අඩුපාඩුවක් දක්නට ලැබෙන අතර කර්මාන්ත සඳහා අවශ්‍ය වන ආනයන අපනයන කටයුතු වල මින් යම්කිසි ප‍්‍රමාදයන් සිදුව ඇතත් ඔන්ලයින් ක‍්‍රමවලට බොහෝමයක් ලිපිලේඛන කටයුතු කරගැනීමට පහසුකම් සලසා තිබීම නිෂ්පාදකයාට පහසුවක් වී ඇත.

ඇඟලූම් කර්මාන්තය පවත්වාගෙන යෑමට අනාගත සැලසුම්

ඇඟලූම් කර්මාන්තයේ අපට ඉදිරියෙන් සිටින බංගලාදේශය ඉන්දියාව චීනය පාකිස්තානය වැනි රටවල් ඇඟලූමක් නිෂ්පාදනයට අවශ්‍ය සියලූම අමුද්‍රව්‍ය තමතමන්ගේම රටවල නිෂ්පාදනය කරගනිති. මේ හේතුව නිසා විදේශ ගැනුම්කරුවෙකු ඇනවුමක් ලබාදී සාධාරණ කාලයක් තුළ එය සැපයීමට එම රටවල් වලට හැකියාව ඇත. එම රටවල්වලට ඇනවුම් පහසුවෙන් ලබා ගැනීමට මෙය විශාල පිටිවහලකි. විදේශ ඇනවුම් ලබාදෙන ආයතන වල නියෝජිතයෙක් මෙම කර්මාන්තශාලාවල ස්ථිරවම සේවයේ යොදවා ඇත්තේ එක වහලක් යටින් සියල්ලම් ඔවුන්ට ලබාගත හැකි හෙයිනි.

මුදල් වැය නොකොට කළ හැකි දේ

ඇඟලූම් කර්මාන්තය සඳහා බංගලාදේශ රජය විදුලිබලය ලබාදෙන්නේ නොමිලයේය. ඒ ඔවුන්ට ගෑස් තිබෙන නිසාය. අපේ රටේ ඕනෑතරම් හිරුඑළිය ඇත. තම කර්මාන්තයට අවශ්‍ය විදුලිබලය නිපදවා ගැනීමට කර්මාන්තශාලාවේ වහලය මත වැටෙන හිරුඑළිය ඕනවාටත් වඩා වැඩිය. අවශ්‍ය කරන්නේ මේ සඳහා නිසි සැලසුමක් පමණි. සූර්ය විදුලිය සඳහා ඉන්වර්ටර් සඳහා බදුසහන ලබා දීමත් සූර්ය පැනල සහිත කර්මාන්ත ශාලා සඳහා බදු ගෙවීමකින් තොරව විදුලි මෝටර් රථ ගෙන්වීමට ක‍්‍රමවේද සකස් කර දීමත් තුළින් කර්මාන්තකරුවන් මේ සඳහා දිරිගැන්විය හැක. තවද මීට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමටද අවස්ථාවක් ලබා දියයුතුය. මින් රටේ ඩොලර් සංචිතයට යම් බලපෑමක් වුවද විදුලිබලය නිපදවීම සඳහා වැයවන තෙල් ගෙන්වීමේදී වැයවන විනිමය ඉතිරිවීම නිසා ඉක්මනින් එම ඩොලර් සංචිතය යථාවත් වනු ඇත. තවද සූර්ය පැනල සඳහා අඩු පොලී ණය යෝජනා ක‍්‍රමයක් සකස් කොට දිය හැක. මේ සඳහා පහසුවෙන් විදේශ ආධාර ලබාගත හැකිය. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඇඟලූම් කර්මාන්තශාලා සඳහා මෝටර් රථ ගෙන්වීමට තීරුබදු සහනයක්ද දුන්නේ ඔවුන් දිරි ගැන්වීමටය. මේ වසංගත සමයේ කර්මාන්තය නොවැටී තබාගැනීමට පළමුකොටම ඇඟලූම් කර්මාන්තයේ ශ‍්‍රමිකයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. අද වනවිට කොවිඩ් 19 රෝගියෙකුට රෝහල්වල ඉඩකඩ නැත. රෝගීන් සිටින්නේ බිම හෝ අමාරුවෙන් ලබාගන්නා පුටුවක් උඩය.

ආර්ථික දායකයාට කුඩම්මාගේ සැලකිලි

අද වනවිට රටේ අපනයන ආර්ථිකයෙන් තුනෙන් එකක පමණ දායකත්වයක් සපයන ඇඟලූම් කර්මාන්තය වෙනුවෙන් ඇමැතිවරයෙක්වත් නැත. පේෂකර්මය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවක් බවට පත්ව ඇත. මේ සඳහා යමක් කළ හැකි ඇමැතිවරයෙකු පත්කොට කර්මාන්තයේ උන්නතිය උදෙසා කටයුතු කිරීම සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

(දිවයින)