උපාධිධාරින්ට රැකියාදීමට ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍යයයි

online-rally

උපාධිධාරීන් රැකියාගත කිරීමේ ජාතික වැඩපිළිවෙළක් සකසන ලෙස ආණ්ඩුවට බල කරන Online රැළිය  අද(19) සවස 5.00ට පැවැත්වෙන බව රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වාර්ෂිකව රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේ දී විධිමත් වැඩ පිළිවෙලක් නොමැති කමින් උපාධිධාරීන් බොහෝ දෙනෙකු අසාධාරණයට පත්වීම සම්බන්ධයෙන් මෙම රැළිය පවත්වන බවත්, වාර්ෂිකව පවතින උපාධිධාරීන්ගේ මෙම ගැටළුව මතු කරමින් උපාධිධාරීන් රැකියාගත කිරීමේ ජාතික වැඩපිළිවෙලක් සකසන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය විසින් සැප්තැම්බර් 19 පස්වරු 05.30 ට BUDGET BUCKET වන රටක උපාධිධාරියා BITE වෙයිද යනුවෙන් Online රැළියක් සංවිධානය කර තිබෙන බවයි.

මෙම රැළිය JCUG Rakiya Wirahitha Upadhidhari Ekabaddha Madhyasthanaya  FB පිටුව ඔස්සේ (Live) සම්බන්ධවීමට හැකි බව වැඩිදුරටත් සඳහන් කරයි.