අසාධාරණයට එරෙහි මස්කෙලිය මරේ වතුයායේ කම්කරුවන් විරෝධතාවයක

අසාධාරණයට එරෙහි මස්කෙලිය මරේ වතුයායේ කම්කරුවන් විරෝධතාවයක
මස්කෙලිය නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතුයායේ කොටස් 7 ක සේවකයින් 2020.09.27 වන සඳුදා දින වතු තේ කම්හල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ.
 
සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් 200කට අධික සේවකයින් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරතවූ අතර සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතවූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
 
මෙම උද්ඝෝෂණය සඳහා මරේ වතුයායේ බෝරස් කොටස,නල්ලතන්නිය පහළ කොටස,නල්ලතන්නිය ඉහළ කොටස,වලදල කොටස,ගැඩස් කොටස,පුදුකාඩු කොටස සහ රාජමලෙයි කොටසසේ  සාමාජිකයින් සහභාගී වූහ.
 
එහිදී විරෝධතාවයේ නිරතවූ කම්කරුවන් ප්‍රකාශ කළේ "මින් පෙර රුපියල් 750 වැටුප ලැබෙන කාලයේ 16Kg වගේ දළු කැඩුවත් මේ මුළු මුදල අපිට ලැබෙනවා.නමුත් 1000 වැටුප සමඟ 20Kg ප්‍රමාණයක් තේදළු කඩන්න ඕනි ඒ මුදල ලබාගන්න. මේවනවිට තේ දළු අස්වැන්න අඩු බැවින් දිනකට තේදළු 20Kg නෙලීමට නැහැකි තත්ත්වයක් මතුව තිබෙන අතර නෙලිය හැකි වන්නේ 7Kg සිට 10Kgක් වගේ ගාණක්.ඉතින් 1Kg අපිට ලැබෙන්නේ රුපියල් 50යි. එහෙම බැලුවොත් අපිට දිනකට ලැබෙන්නේ රුපියල් 350ක් 500ක් අතර ගානක්.මේ රුපියල් 1000 වැටුප දෙන එක ලොකු බොරුවක්.ඒකෙන් අපි ගොඩක් අසරණවෙලා ඉන්නේ. මේ තත්ත්වය එක්ක අපි ගොඩක් පීඩාවට පත්වෙලා සිටිනවා.ඒ වගේම වතු කළමනාකාරීත්වය අපිව තලාපෙලා දානවා.මූලික පහසුකම්වත් නොදී අපෙන් වැඩ ගන්නේ වහලුන් වගේ." යනුවෙනි.
 

ඊට අමතරව විරෝධතාවයේ නිරත කම්කරුවන් මතුකළ තවත් වැදගත් කාරණයක් වූයේ,වතු වගාව වගකිව යුතු කළමනාකාරිත්වයේ අකාර්‍යක්ෂමතාව හේතුවෙන් වතු වනාන්තර විනාශ වෙමින් පවතින බවත් නිසි ආකාරයෙන් සුද්දකර වතු පවත්වාගෙන නොයන නිසා තේදළු අඩුවීම මෙන්න්ම කූඩෑල්ලන්,දිවියන් මෙන්ම ඌරන් වගේ සතුන් බෝවීමත් සිදුව ඇති බවයි.මෙවැනි තත්ත්වයන් තුළ ඉතා අවදානම් සහගතව තේදළු කඩන බවයි කම්කරුවන් ප්‍රකාශ කළේ.

වතු සේවකයින්ගේ මෙම ගැටළුව සම්බන්ධයෙන් වතු කළමනාකාරීත්වයෙන් විමසූ කළ ඔවුන් ප්‍රකාශ කළේ, මෙම ගැටළුව ඔවුන්ගේ වත්තට පමණක් නොව සමස්ත වතුකරයටම බලපා තිබෙන බවත් තේ වලට රසායනික පොහොර යෙදීමට නොහැකි වීම හේතුවෙන් අස්වැන්න පහත වැටී ඇති අතර පවතින අධික වර්ෂාවද තවත් හේතුවක් වි ඇති බවයි.තවද රජයේ ප්‍රතිපත්තිවලට අනුව රසායනික පොහොර භාවිතය නැවතී තිබෙන බවත් සඳහන් කළේය.කෙසේ වෙතත් මෙම ගැටළුවලට විසඳුම් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස්කර තිබෙන අතර ඉදිරි කාලයේදී යම්තාක්දුරට මෙම ගැටළු විසඳෙනු ඇති බවයි.

P4

P3

1