කොවිඩ් විශේෂ අවදානම් දීමනාව කප්පාදුව අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලික කරගනිමින් දිවයිනේ ප්‍රධාන රෝහල් ඉදිරිපිට පැවැති විරෝධතා මාලාවක් (27) දින සුව සේවා කාර්ය මණ්ඩලය විසින් රට පුරා එක්ව තිබේ.
මේ බව ඒකාබද්ධ සෞඛ්‍ය සංගමයේ ලේකම්, පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියයන් පවසා සිටියේ සැප්තැම්බර් 27 දින පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා රෝහල් රාජකාරි වලින් බැහැරව තම රෝහල් ඉදිරිපිටදී පැවැති විරෝධතා උද්ඝෝෂණ සදහා යාපනය, මන්නාරම සහ මුලතිව් රෝහල් කාර්ය මණ්ඩලද එක්ව සිටි බවයි.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය ලේකම් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුනේ සිය ඉල්ලීම් විසදීමට අවශ්‍ය පියවර කඩිනමින් නොගතහොත් මෙම උද්ඝෝෂණ මාලාවක් දියත් කරන බවයි.
පසුව එම වෘත්තිය ක්‍රියාමාර්ගය සදහා සෞඛ්‍ය සේවයේ ප්‍රමුඛ වෘත්තිය සමිති රැසක් සහාය පළ කර තිබුනි.
සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් වූයේ,





