කෝවිඩ් ජාතික කමිටුවට වෘත්තිය සමිති නියෝජිතයන් කැඳවන ලෙස කම්කරු ඇමති මගින් ඉල්ලීමක් කරයි

nimal-siripala-de-silva

වත්මන් කෝවිඩ් තත්ත්වය යටතේ වුව ද රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට බරපතල ලෙස කැප වන්නේ පෞද්ගලික අංශය කම්කරුවන් බවත්, එහෙත් කොවිඩ් පිළිබඳ ජාතික තීන්දු ගන්නා මණ්ඩලවලට එම වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තී සමිති නියෝජිතයන් සහභාගි කර නොගැනීම පිළිබඳව බලවත් විරෝධය පළ කරන බව පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. වෘත්තීය සමිති නියෝජිතයෝ මේ බව ප්‍රකාශ කළේ අද (29) කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යංශයේ පැවති කොවිඩ් 19 කම්කරු කාර්ය සාධක සභාවේ දී ය.

මෙහිදී අදහස් දැක්වූ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සම ලේකම් ඇන්ටන් මාකස් මහතා පෙන්වා දුන්නේ, මේ රටේ පෞද්ගලික අංශය අංශයේ සේවක ප්‍රජාවට අදාළව සෞඛ්‍ය රෙගුලාසි සකස් කිරීමේ දී එම සේවක පාර්ශවය ද අදහස් ලබාගැනීම කළයුතුව ඇතත්,මෙම covidකොවිඩ් පිළිබඳ ජාතික මට්ටමේ කිසිදු සාකච්ඡාවකට වෘත්තීය සමිති නායකයන්ට කැඳවීමක් නොලද බවයි.අවම වශයෙන් එම සාකච්ඡා සඳහා කම්කරු අමාත්‍යවරයා ද සහභාගි කර නොගැනීම නිසා තමන්ගේ අදහස් හා යෝජනා එම කොවිඩ් සම්බන්ධ තීන්දු තීරණ ගන්නා ජාතික සාකච්ඡා මණ්ඩලවලට දැනුම් දීමට තමන්ට අවස්ථාවක් නොලැබෙන බව මෙහි දී වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ඔක්තෝම්බර් පළවෙනිදා සිට රට විවෘත කිරීමට පෙර වෘත්තිය සමිති නායකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවකට අනුව අද දින මෙම වෘත්තිය සමිති නායක හමුව පැවැත් වූ බවය. එසේම සිල්ලර අලෙවි සැල්, උකස් ව්‍යාපාර ආයතන හා රෙදිපිළි ව්‍යාපාර ආයතනවලට එම ආයතනය විවෘත කිරීමට පළවෙනිදා සිට අවසර ලබා දීම පිළිබඳව එම අලෙවි අංශ නියෝජිතයින්ගේ අදහස් ලබා ලබාගැනීමට ඔවුන් ද මෙම සාකච්ඡාවට කැඳවූ බව ඇමැතිවරයා පැවැසීය.මෙහි දී ඉදිරිපත් වන යෝජනා රජයට ඉදිරිපත් කරන බවත් ඊට අතිරේකව තම තමන්ගේ යෝජනා සංග්‍රහය ලිඛිතව කඩිනමින් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයන් ගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ සිල්ලර වෙළඳසැල් හිමිකරුවන්ගේ සම්මේලනයේ නියෝජිත සුරේන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, රජය නිකුත් කරන සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව පාරිභෝගිකයන් හා ගනුදෙනු කිරීමට තම සංගමයේ සාමාජිකයන් සූදානම් බවය.

රට විවෘත කීරීමට සූදානම් වන මෙම අවස්ථාවේ දී රන් උකස් ව්‍යාපාර ආයතනකරුවන් මෙම සාකච්ඡාවට කැඳවා එම අදහස් ද ලබා ගැනීම පිළිබඳව තම ව්‍යාපාරික ප්‍රජාවේ ගෞරවය කම්කරු අමාත්‍යාංශයට පිරිනමන බව රන්උකස් ව්‍යාපාර ආයතන වෙනුවෙන් සහභාගි වූ එරන්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

හාම්පුතුන්ට එරෙහිව වෘත්තිය සමිති කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන චෝදනා පිළිබඳ සාධාරණ ක්‍රියාමාර්ග නොගැනීම හා මන්දගාමීව ක්‍රියාත්මකවීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මෙහිදී කියා සිටියේ,මේ පිළිබඳව තමන්ට අදාල විදේශීය ආයතනවලට දැනුම්දීමට සිදුවන බවයි. ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, අදාළ චෝදනාවලට නඩු පැවරීම් ප්‍රමාද කිරීම් පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීමට ඉතාම ආසන්න දිනයක් ලබා දෙන බවය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා, සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් මංගල යාපා මහතා, සී.එම්.යූ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි, විශේෂඥ වෛද්‍ය ඉනෝකා සමරවීර ඇතුළු සේව්‍ය සේවක නියෝජිතයෝ එක් වූහ.

covid committe 1