කෙරවලපිටිය විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට විකිණීම, වරාය සතු ඉඩම් හා සේවා විකිණීම, තෙල් ටැංකි විකුණා දැමීම හා තෙල් සංස්ථාව අහෝසි කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකරමින් තෙල්, වරාය, විදුලි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි එකාබද්ධ සංවිධානය පවසයි.
එහි එක් පියවරක් ලෙස රටපුරා විරෝධතා පත්‍රිකාවක් බෙදාහැරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව (ඔක්. 04) දින පෙරවරුවේ කොළඹ විදුලි බල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට, කොළඹ වරාය සියලූම ගේට්ටු ඉදිරිපිට හා තෙල් සංස්ථාව ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතා පත්‍රිකා බෙදාහැරීම සංකේතාත්මකව සිදුකිරීමට කටයුතු යොදා ඇති බව එම සංවිධානය පවසයි.
